Pages

anan manan

Pages

Wednesday 14 September 2016

දුමින්දගේ FB ගිණුමට වෙඩි වැදුනු ඡායාරූප එක් කරලා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට (Like පිටුව) අද සවස 5ට පමණ එහි පරිපාලකයන් විසින් ඡායාරූප කිහිපයක් එක්කොට තිබුණි. පසුගිය අප්‍රේල් 13 වැනිදාට පසුවයි දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුම හදිසියේම මෙසේ සක්‍රිය වී තිබෙන්නේ. මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව මන්ත්‍රීවරයාගේ හිසට සිදුවූ හානිය පිළිබඳව දැක්වෙන ඡායාරූප කිහිපයක් මෙසේ ඔහුගේ පිටුවෙන් පළකොට තිබුණි.
ඒ වගේම ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හිසට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ද එළිදක්වා තිබුණි. 

No comments:

Post a Comment