Pages

anan manan

Pages

Sunday 18 September 2016

යතුරුපැදියෙන් ඇදවැටී මරුට

කටුගස්තොට, නුගවෙල, කලුගල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

යතුරුපැදියක පිටුපස ගමන් ගත් කාන්තාවට නින්දයාම හේතුවෙන් ඇය යතුරුපැදියෙන් බිමට ඇදවැටී ඇති අතර එහිදී පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය තිත්තපජ්ජල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ  හතරලියද්ද, නිකතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවකි.

අනතුරට පත් යතුරුපැදියේ පැදිකරු මියගිය කාන්තාවගේ පුත්‍රයා වන අතර සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී රුපියල් ලක්ෂයක ශරිර ඇප මත ඔහු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව පොලීසිය පැවසුවේය.

No comments:

Post a Comment