Pages

anan manan

Pages

Sunday 18 September 2016

වසංගත රෝග පැතිරයාමේ අවධානමක් නෑ

දඹදිව පූජා භූමිය ආශ්‍රිතව වසංගත රෝග පැතිරයාමේ අවධානමක් නොමැති බව ඉන්දීය මහාබෝධි සමාගම පවසයි.

එහි මහ ලේකම්, ඉසිපතානාරාමාධිපති, පැල්වත්තේ සීවලී හිමි සඳහන් කළේ දඹදිව පූජා භූමිය ආශ්‍රිතව වසංගත රෝග පැතිර යන බවට  අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.

දඹදිව පූජා භූමිය ආශ්‍රිතව වසංගත රෝග පැතිර යන්නේ ද යන්න පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමින් පූජ්‍ය පැල්වත්තේ සිවලී හිමි මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් විදෙස්  සංචාරවල නිරතවීමෙන් පසු දිවයිනට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම යෝග්‍ය බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.

මේ පිළිබඳව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාගනී වාගීස්වර මහත්මියගෙන් ද විමසීමක් කළා අතර ඊට පිළිතුරු ලබා දෙමින් ඇය සඳහන් කළේ  දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ට බියවීමට තරම් අවධානමක් ඉන්දියාව තුළ නොමැති බවයි.

No comments:

Post a Comment