Pages

Subscribe:

Sunday, 28 February 2016

හිටපු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ්, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් යන අයගේ මරණයන්ට වගකිව යුත්තන්ට දඞුවම් විඳීමට ඉදිරියේදී සිදුවනු ඇති බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා කළුතරදී පැවති ජනහමුවකදී කියා සිටියේය. මෙම සිද්ධීන් ඝාතනයන් බව ඔප්පු වී ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය. මේ අතර මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත්තේ තජුඞීන්ගේ සිද්ධියට නාමල් රාජපක්‍ෂත්, හිටපු මන්ත‍්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨාභය රාජපක්‍ෂත් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි. 1,664 Viewers

හිටපු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ්, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් යන අයගේ මරණයන්ට වගකිව යුත්තන්ට දඞුවම් විඳීමට ඉදිරියේදී සිදුවනු ඇති බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා කළුතරදී පැවති ජනහමුවකදී කියා සිටියේය.
මෙම සිද්ධීන් ඝාතනයන් බව ඔප්පු වී ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මේ අතර මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත්තේ තජුඞීන්ගේ සිද්ධියට නාමල් රාජපක්‍ෂත්, හිටපු මන්ත‍්‍රී රවිරාජ් ඝාතනයට ගෝඨාභය රාජපක්‍ෂත් අත්අඩංගුවට ගැනීමට නියමිත බ

බැකෝ දමා කැපූ වලෙන් පිරිමි ගණිකාවගේ යට ඇඳුමක් හමුවෙයි..

යහ පාලන ආන්ඩුව. මහින්ද යන නමටත් බය බවත් මෛත‍්‍රීය වෙනුවට වෛරය වපුරන ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට කිසියම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම වර්තමාන ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම භාරගතයුතු බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ජනවාරි 08 වනදා සිටිම රාජපක්‍ෂ මහතාගෙන් සහ ඔහුට හිතවත් සියළු පාර්ශවයන්ගෙන් යහපාලනයට මුවාවී ආණ්ඩුව පලි ගනිමින් සිටින බව වැඩි දුරටත් පෙන්වා දුන් ප‍්‍රසන්න රණතුංග මහතා මෙරට ජනතාව මේ වෛරී දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන දිනය වැඩි ඈතක නොවන බවත් පෙන්වා දෙයි.
ප‍්‍රසන්න රණතුංග මහතා ඊයේ (27) දෙහි  ඕවිට ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවනාගාරයේදි පැවැති සම්මන්ත‍්‍රණයකදී මේ බව සඳහන් කලේය. මහින්ද ජන පවුර කෑගල්ල සංවිධානය විසින් එය සංවිධානය කර තිබුනි. අභියෝගවලට මුහුණ දීම සඳහා නව බලවේගයක් ලෙස මෙම සම්මන්ත‍්‍රණය නම් කර තිබූ අතර කෑගල්ල දිස්ත‍්‍රීක්කයේ පළාත් සභා පාර්ලිමේන්තු ප‍්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයෝ රැුසක් ඊට එක්ව සිටියහ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම් කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.
‘‘අපි ඉතිහාසය පුරාම රටක් විදිහට විශාල අභියෝග වලට මුහුණ දුන්නා අපි මෑත ඉතිහාසයේ මුහුණ දුන්නු දරුණුම අභියෝගය තමයි කොටි ත‍්‍රස්ථවාදය මේ රටේ ජනතාව කොටි ත‍්‍රස්ථවාදය නිසා නොවිදිනා දුක් වින්දා ඒ තත්වය නැති කරලා රටට නිදහස ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. එතුමා රට මුදාගෙන එය නැවත ගොඩ නැගුවා අද මේ රට යුද්ධයෙන් පසු යම් ප‍්‍රමාණයකට හරි සංවර්ධනය වී තිබේනවා නම් එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවටයි.
කොටි ත‍්‍රස්ථවාදය මුලිනුපුටා දැමිම පිළිබඳව කොටින්ට හිතවත් බටහිර රටවල් සහ දෙමළ ඩයස් පොරාව හිටියේ මහින්ද මහත්තයාත් එක්ක ලොකු වෛරයකින් ඒ වෛරය පිරිමහගන්න ඔවුන්ට මේ රටේ එක්සත් ජාතික පක්‍ෂය වගේම විවිධ සිවිල් සංවිධාන වලත් සහයෝගය ලැබුනා එහි ප‍්‍රතිඵලයක් ලෙසයි ජනතාවගේ ආදරය දිනාගත්ත මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව පරාජය කරන්න එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ මේ කණ්ඩායම් වලට හැකි වුනේ මේක දර්ඝ කාලීන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් මහින්ද මහතතයාව පරාජය කළාට පස්සේ මේ ආණ්ඩුව යහ පාලනයට මුවා වෙලා රාජපක්‍ෂ පවුලෙනුයි මහින්ද හිතවාදින්ගෙනුයි පලි ගන්නේ නිර්ලැජ්ජිත විදිහටයි. මැතිවරණයට කලින් මේ අය කථාකලා ලැබ්බෝගිනි ගැන මොනගිනියක්වත් ඡුන්දෙන් පස්සේ හොයාගත්තේ නැහැ. පරණ පරණ කාර් එකක් හොයාගෙන මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා. රත්තරන් අශ්වයෝගැන කිව්වා හොයාගත්තේ බූරුවෙක්ව මේ ආණ්ඩුව අස්සයගෙයි පෝනියාගෙයි. බූරුවාගෙයි. වෙනසවත් දන්නේ නැති. බූරු ආණ්ඩුවක් හෙලි කොප්ටර් ගැන කිව්වා මහින්දලට අයිති හෙලිකොප්ටර් තට්ටක්වත් හොයාගත්තේ නැහැ. ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය රත්රන් හංගගෙන ඉන්නවා කිව්වා. හැබැයි. අද වෙනකන් එක රත්තරන් කෑල්ලක් හොයා ගන්න මේ ආණ්ඩුවට බැරි උනා.
දැන් අළුත්ම සෙල්ලම තමයි. රාජපක්‍ෂ වරුන් හංගලා තිබෙන දේවල් හොයන්න. ඒ අයට සම්බන්ධ අයගේ ඉඩකඩන් හාරන එක මහින්ද මහතතයාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීයාගේ නැන්දනියගේ මැදමූලන ඉඩම ඊයේ පෙරේදා එස්.ටී.එෆ් ආරක්ෂාව දාගෙන පැය 06 ක් තිස්සේ හෑරුවා මහින්ද මහත්තයාගේ රත්තරන් හොයන්න. මොනවාද දන්නවාද හමුබවෙලා තියෙන්නේ ආර්. ආර්. කියලා ගහපු පිරිමි යට ඇදුමක් දැන් එෆ්. සී. අයි. ඞී. එක හොයනවාලූ මේ ආර් ආර් කවුද කියලා ආරන්චි විදිහට නම් මේ අර විමල් වීරවංශ මහත්තයා කියපු පිරිමි ගණිකාවගේලූ අර අපේ දිස්ත‍්‍රික්කයෙන් ඡුන්දය ඉල්ලපු මේ දවස්වල මාධ්‍ය සංදර්ශන පවත්වන පිරිමි ගණිකාවගේලූ ලැජ්ජා නැති කම පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමටත් නළුකමටත් වඩා ලොකු බවයි. අපිටනම් කියන්න තියෙන්නේ මේ අය හදන්නේ මාධ්‍ය සංදර්ශන පවත්වලා මහින්ද මහත්තයාට මඩ ගහලා රටේ ප‍්‍රශ්න ජනතාවට අමතක කරන්න
මෛත‍්‍රීපාලනයක් කිව්වාට රටේ තියෙන්නේ වෛරී පාලනයක් මෛත‍්‍රීය කියන්නේ පාලනය කරන දෙයක් නොවෙයි. වඩවන දෙයක් ඒක වත් මේ ආණ්ඩුව දන්නේ නැහැ. මේ ආණ්ඩුව ඇයි මහින්දට මේ තරම් බය මහින්දගේ නම කිව්වාමත් අණ්ඩුව වෙව්ලනවා යහපාලනයට මුවාවෙලා රට පුරාම වෛරය වපුරන්නේ ඒ බය නිසයි. ආණ්ඩුවේ මේ පලි ගැනීම් නිසා මහින්ද මහත්තයාගේ ජීවිතයට කිසියම් අනතුරක් සිද්ද වුනොත් එහි වගකීම මේ යහපාලන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම භාරගත යුතුයි.
මේ ආණ්ඩුව බලයට පත්වුන ගමන්ම ගැහැව්වේ ප‍්‍රාදේශය නගර සභා මන්ත‍්‍රීවරුන්ට ඔවුන්ව එෆ්. සී අයි ඞී. එකට ගෙනිච්චා ඊට පස්සේ පිලිවෙලට මහින්ද හිතවාදීන් සියළුදෙනා එෆ්. සී. අයි. ඞී. එකට ගෙනියනවා අපේ අය ගොඩදෙනෙක් මේ දවස්වල ඉන්නේ අල්ලස් කොමිසමෙයි. එෆ්. සී. අයි. ඞී. එකෙයි උසාවියෙයි. කාටහරි තමන්ගේ ඉඩමක් හාරගන්න එහෙම ඔනේ නම්. කුඹුරක් හාන්න එහෙම ඔනේනම් දැන් කරන්න  ඕනේ එක වැඩයි. මහින්ද මහත්තයාගේ නම ගාවලා එෆ්. සී. අයි. ඞී. එකට පැමිනිල්ලක් දාන එක විතරයි. එතකොට එස්.ටී.එෆ්. ආරක්‍ෂාව යටතේ ඉඩම හාරගන්න. ඔයගොල්ලන්ට පුලූවන්.
මහින්දවවත් මහින්ද එක්ක ඉන්න අපිවත් මේ වගේ ඔලමොට්ටල බොලද වැඩ වලින් බය කරන්න බැහැ ගහන්න ගහන්න අපි ශක්තිමත් වෙනවා මේ ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයට හොදටම බයයි. ඒකයි අපිට කෙනෙහිලි කන් කරන්නේ මොන කෙනෙහිලි කන් කරත් මොනවදිහට පලි ගත්තත් එකාබද්ධ විපක්‍ෂයේ අපි ජනතාව වෙනුවෙන් පෙරට තැබූ පය ආපසු ගන්නේ නැහැ.
අද මේ රට අවුලෙන් අවුලට පත්වෙලා මෙලෝ වැඩක් වෙන්නේ නැහැ. යහ පාලන ආණ්ඩුවේ අගමැති ඇතුළු මැති ඇමතිවරු මාධ්‍යවේදීන්ට කථාකරන්නේ ඊරීයකා කියලා දෛ්‍යවරුන්ට කථාකරන්නේ පාදඩයා කියලා එදා සමෘධිය සියයට 100 කින් වැඩි කරනවා කිව්වා හැබැයි සමෘධි සහනාධාරයෙන් රු 100 ක් කපලා පින් පඩියෙනුත් රු 100 ක් කපලා වැඩිහිටි දීමනාවෙනුත් රු 100 ක් කපලා මේ ආණ්ඩුව සමෘධියෙනුත් ගසා කන ආණ්ඩුවක් පිං පඩියෙනුත් ගසා කන ආණ්ඩුවක් වැඩි හිටි දීමනාවක් හොරා කන ආණ්ඩුවක් රනිල් කියන්නේ එකක් කරන්නේ තව එකක් රැුකියා දස ලක්‍ෂයක් දෙනවයි කිව්වා තියෙන රස්සා ටිකත් නැති කරනවා. මාධ්‍ය නිදහස දෙනවයි කිව්වා අද මාධ්‍යවලට මහා දවාලේ තර්ජනය කරනවා එලි පිටම ලයිසන් එක කැන්සල් කරනවා කිව්වා. අද මාධ්‍යවේදීනුත් අසරණ වෙලා මේ ආණ්ඩුව බලයට පත්වුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස ගැන පම්පෝරි කථා කියලා හැබැයි අද ඒ සියල්ල හීන බවට පත්වෙලා ඉවරයි. ආණ්ඩුවේ යහ පාලන රෙද්ද පල්ලෙන් බේරෙනවා.
පොහොර සහනාධාරය කප්පාදු කරලා මුදල් ඇමති කියනවා මේ දවස්වල වී අස්වනු නෙලන නිසා පොහොර නොතිබුනාට කමක් නැහැ කියලා අනේ රවී කරුණානායක දන්න ගොවි තැන. එයා හිතාගෙන ඉන්නේ මේ රටේ තියෙන්නේ වී ගොවි තැන විතරයි කියලා පුදුමෙකුත් නැහැ ආණ්ඩුව වගේම ආණ්ඩුවේ ඉන්නෙත් කොහෙද යන්නේ මල්ලේ පොල් ඇමතිවරු ඔය ගොයියා තමයි. යුද්දේ කාලෙදි කිව්වේ හමුදාව අලි මංකඩ කියලා යන්නේ පා මංකඩ කියලා කිලිනොච්චි කියලා යන්නේ මැදවච්චි කියලා එහෙම කියපු රවීගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුව සියළුදේ අනාගෙන ඉවරයි. බොරු කියලා බලයට පත්වුනාම ඔහොම වෙනවා. තවත් රැුවටෙන්න මේ රටේ ජනතාව සුදානම් නැහැ.

රවිරාජ් මරන්න ගෝටා කෝටි 05ක් දුන්නා.. – උසාවියේදී සාක්‍ෂි දෙයි..

දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වූ නඩරාජා රවිරාජ් ඝාතනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ සඳහා හිටපු ආරක්ෂක ලේකම් විසින් රුපියල් කෝටි පහක් කරුණා පාර්ශ්වයට දුන්නේ යයි කොලඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරනයේදී සාක්‍ෂි දෙමින් පොලිස් බුද්ධි ඒකකයේ හිටපු කොස්තාපල් ලියනාරච්චිගේ අභයරත්න කියා සිටියේය.
ඔහු වැඩි දුරටත් සඳහන් කලේ පසුගිය ආණ්ඩුවේ කුමන්ත‍්‍රණයකින් මෙම ඝාතනය කරවූ බවත් අදාල මුදල ආරක්ෂක අමාත්‍යාංශයේ වසන්ත නම් පුද්ගලයෙකු මඟින් කරුණා පාර්ශ්වයට ලබා දුන් බවත්ය.

නාමල් රාජපක්‍ෂ අත්අඩංගුවට ගන්න හොයයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපෂ මහතාගේ පුත් හම්බන්තොට දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා ඇතූළු ජනාධිපති ආරක්‍ෂක අංශයේ හිටපු නිලධාරීන් අටදෙනකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ඹණ ආරම්භ කර ඇත.
මොවුනට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2012 වසරේදී රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනය කිරීමයි.
මෙම චෝදනා එල්ල වී ඇති පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය විසින් පසුගිය 25 වැනිදා කල නියෝගයක් මත මෙසේ පරීක්‍සණ පැවැත්වෙයි.

Friday, 26 February 2016

ETCA සේවා අංශය විවෘත කිරීමක් නෑ.. නිලධාරීන් කූඨ ලේඛණ හදලා.. ගිවිසුමේ උණු උණු සැකිල්ල හර්ෂ එවෙලේම බෙදයි..

ETCA සේවා අංශය විවෘත කිරීමක් නෑ.. නිලධාරීන් කූඨ ලේඛණ හදලා.. ගිවිසුමේ උණු උණු සැකිල්ල හර්ෂ එවෙලේම බෙදයි..අත්සන් කිරීමට යෝජිත ඉන්දු ලංකා ගිවිසුමට සේවා අංශය විවෘත කිරීමක් අදාල වන්නේ නැති බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා ඊයේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනේදී පැවසීය.
ඇමති මලික් සමරවික‍්‍රම මහතා විසින් කලින් නිකුත් කර තිබූ මූලික ලියවිල්ලේ සේවා අංශය විවර කිරීමක් ගැන සඳහන් වන්නේ නිලධාරීන් විසින් කරන ලද වැරැුද්දක් නිසා යයිද කී ඔහු ගිවිසුමේ අලූත්ම මූලික රාමුව බව පවසමින් ලේඛණයක් එතැනදීම බෙදා දුන්නේය.
එහිදී විපක්‍ෂය වෙනුවෙන් පැමිණ සිටි උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්ණ කර සිටියේ නිලධාරීන් කූඨ ලේඛන සකසා ඇත්දැයි කියායි

රන්ජන් ළඟ ළඟ ඇණකොන්ඩා.. එකම බොරුව දෙපාරක් කියා මාට්ටුයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ගෙන්වන ලද සුපිරි ගුවන් යානාවක් සඳහා සුපිරි උපකරණ ගෙන්වා ගැනීම සඳහා අති විශාල මුදලක් වැය කර ඇති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
කෙසේ වෙතත් Airbus වෙබ් අඩවියේ දැක්වෙන්නේ ප‍්‍රභූ පැකේජයක් යනු ගුවන් යානා කිහිපයක් මිලදී ගැනීමේදී නොමිලේ ලබාදෙන වරප‍්‍රසාදයක් බවයි. එය අමුතු ගුවන් යානයක්ද නොවන අතර ගුවන් යානාවේ ආසන කිහිපයක් ගලවා සවිකරන පහසුකම් ඇති කුටියක් වෙයි.
නියෝජ්‍ය ඇමතිවරයා පවසන ආකාරයට දින දෙකක් ඒ සඳහා ගත නොවන අතර පැය 08ක කාලයක් පමණක් ඊට වැය වන බව දැක්වුණද ඊට ඩොලර් මිලියන 04ක් වැය වන බවක් එහි දක්වා නැත. ඩොලර් මිලියන 15ක මිලක් මෙම පැකේජයේ වටිනාකම දක්වා තිබුණද එය ගුවන් යානා ගැනීමේදී හිමිවන මූල්‍යමය වාසියේ වටිනාකම පමණක් වන අතර එය ඉවත් කර මුදල් ලබා ගැනීමක් සිදු කල හොනැක. කළ හැක්කේ සමාගමේ වෙනත් නිෂ්පාදනයක් ඉල්ලා ගැනීමයි.
හිටපු ජනාධිපතිවරයාට මෙම චෝදනා එල්ල කරනු ලැබුවේ වසරකට පමණ පසු දෙවන වතාවට වන අතර එකල්හිද මාධ්‍ය ඔස්සේ මෙම තොරතුරු ප‍්‍රචාරය විය.
පෙර පුවත

සේයා සඳෙවුමි දුෂණය කර ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය වසරේ ඔක්තොම්බර මාසයේදී නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් ඇසින් දුටුවකු සේ සිද්ධිය විස්තර කලේ මෙසේය.

‘නාටක මාරයි.. නවයහමාරයි..’ – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක දෙරණේ සංඛට නඩුවෙන් පරදී..

‘නාටක මාරයි.. නවයහමාරයි..’ – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක දෙරණේ සංඛට නඩුවෙන් පරදී..TV දෙරණ නාලිකාවේ විකාශය වන නාටක මාරයි නවයහමාරයි නාට්‍යයේ අධ්‍යක්ෂ චමින්ද අරබේගෙදර හා නිෂ්පාදක සුරංග සතරසිංහ යන අය විසින් පොලිස් නිල ඇතුම් භාවිතා කරමින් නිරූපනයක් කල බව පවසමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක/සහකාර පොලිස් අධිකාරි රුවන් විසින් පවරා තිබූ B 32285 / 2015 දරන නඩුව පෙරේදා දින මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබින. 

එහිදී නීතිය නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් තොරව මෙවැනි නඩු පැවරීම කෙරෙහි මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මැතිනිය
 පොලිසියට තරයේ අවවාද කලා විත්තිකරුවන්ට අවවාද කරන ලෙස පොලිසිය විසින් කරන ලද ඉල්ලීමද මහෙස්ත‍්‍රාත්තුමිය විසින් ඉවත දමනු ලැබු අතර විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කල මහෙස්ත‍්‍රාත්තුමිය නැවත මෙවැනි නඩු අධිකරණයට නොගෙනෙන ලෙසද පොලිසියට දැනුම් දුනනේය.

විත්තිකරුවන්  වෙනුවෙන් නීතීඥ සංඛ අමරජිත් පෙනී සිටියේය.
 
Blogger Templates