Pages

Subscribe:

Friday, 12 August 2016

යලි නිවැරදි කල නොහැකි ජාතික අපරාධයක් අද සිදුවෙයි…

 අද දිනයේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්
 කෙරෙන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ
 කර්යාලය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත
 සම්මත වීමට පෙර ඒ ගැන ශ්‍රේශ්ඨාධිකරණයෙන්
 මතය විමසන ලෙස ඒකාබද්ද විපක්‍ෂය ජනාධිපතිවරයා
 වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

ශ‍්‍රී ලන්කන් ගමන නිමයි.. පාකිස්තාන ගුවන් සේවයේ සලකුණ පින්තාරු කෙරේ..

පාකිස්තානයට විකුණා දමන ලද ශ‍්‍රි ලන්කන් සමාගම සතුව තිබූ ගුවන් යානා තුන පාකිස්තාන ගුවන් සේවයේ සලකුණු යොදා වර්ණ ගැන්වීමට නියමිතය.

එම යානා තුන ඉදිරියේදී ලන්ඩන් හා ඉස්ලාම්බාද් අතර ගමන් කරවීමට යයි.

සර්පයන්ගේ ‘එක්ස්පර්ට්‘ වූ පරිසරවේදියා සර්පයෙකු දෂ්ඨ කර මියගිහින්

ගාල්ල වක්වැල්ල පාරේ වාසය කළ අමල් කිත්රුවන් විජේසේකර නමැති 46 හැවිරිදි සර්පයන් පිළිබඳ ලංකාවේ නමක් දිනූ පරිසරවේදීයා අවාසනාවන්ත ලෙස සර්පයෙකු දෂ්ඨ කර මියයාමේ සිදුවීමක් වාර්තාවෙනවා.

අවිවාහකයෙකු වන ඔහු දෙමාපියන් සමග පදිංචිව සිටියේය.

සිදුවීම පිළිබඳ ඔහුගේ පියා මෙසේ කියා ඇත.

‘මියගොස් ඇත්තේ 
මගේ වැඩිමහල් පුතා.

මට පුතාල දෙන්නෙක් හා දුවෙක් ඉන්නවා.

 පුතාට අසනීපයක් නැහැ.

විනෝදයට සර්පයන් ඇති කරනවා.

 නිවසේත් සර්පයන් ඉන්නවා.

 ඉකුත් 02 වැනි දින රාත‍්‍රි පුතා ගෙදර හිටියා.

 පසුදින උදැසන ඉස්සරහ ගෙදර දුව ඇවිත් කිව්වා අමල් අයියා ගෙදර ඉස්සරහ ගේට්ටුව ළඟ වැටිලා ඉන්නවා කියලා. මම එතනට ගියා. පුතා මුණින් අතට වැටිලා හිටියා.

ඇඟට අත තියා බැලූවා. ඇඟ සීතල වෙලා තිබුණා. කතා කළේ නැහැ. පසුව මේ ගැන පොලිසියට දැනුම් දුන්නා.

මියගිය පරිසරවේදියා විනෝදයට නිවස තුළ සර්පයන් ඇති කරන අයෙකි.
 
මොහු මියගොස් ඇත්තේ සර්පයකු දෂ්ඨ කිරීමෙන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
 
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මියගිය අමල් ගේ අවසන් කටයුතු පසුගිය 5 වනදා සිදු කෙරිණි.

ඔහු ගැන ෆේස් බුක්හි තැබුණු සංවේදී සටහනක් පහතින්

‘නයි විෂ නිසා ඔබ මියගියා යැයි කෙසේනම් අදහන්න ද ?

ගාල්ලේ අලූත්පාර කවදාවත් පරණවෙන්නේ නැත.

අලූත්පාරේ තවත් අපූරු චරිතයක් සිටියේය.
 ඒ අමල් අයියාය
අමල් අයියා අලූත්පාරේ ටේ‍්‍රඞ් මාක් එකය. මා අමල් අයියා දන්නේ 10-11 පන්තියේ සිටිය දීය.ඒ සත්තු අල්ලන්නකු ලෙසිනි.

ගාල්ලේ සර්පයකු සිටීනම් අපට එකළ මතක් වූයේ අමල් අයියාය.

ගාල්ලේ කොහේ හෝ නිවසකට සර්පයකු රිංගා ඇතැයි කියූ විට ඒ සතා අල්ලා කැලයකට ගෙන ගොස් දැමීමට අපේ බොහෝ දෙනකු කටයුතු කළහ.

අමල් අයියා අලූත් පාරේ ට‍්‍රේඞ් මාර්ක් එකක් වූයේ මේ කටයුත්තෙනි.

ඔහු තරම් සර්පයන් අල්ලන්නට දක්ෂයකු දකුණේ සිටියේ නැතැයි මම සිතමි.

නයි ඇතුළු විසකුරු සර්පයන් ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පවා මග අරිද්දී අමල් අයියා උන් අල්ලා ජීවිතය බේරා වනයට මුදා හැරියේය.

මේ නිසා ඔහු විසින් ඉවත්කරන නයි ඇතුළු සර්පයෝ ඔහුගේ කාමරයේ ද නිවසේ තැන තැන ද කූඩුවල සිටියහ.

මේ සර්පයන්ට කන්න බොන්න දී රැකබලා ගැනීම ද අමල් අයියා කළේය.

සාදයක් පවත්වා අඟහරුවාදා රාත‍්‍රියේ නිවසට ආ අමල් අයියා නයකුගේ දුක සැප බලා ඇතැයි අනුමානයයි.

ඒ තිරිසන් සතා මේ මිනිසා අදුනන්නේ නැත.

තම ජීවිතය රැකුණේ මේ අපූරු මිනිසා නිසා යැයි ඌ දන්නේ නැත.

ඒ නිසාම තම පෙනය පුප්පා දෂ්ඨ කරන්නට ඇත.

අවසානයේ සිදුවූයේ නයි අල්ලා නයින්ටත් මිනිසුන්ටත් සැනසුම උදා කළ අපූරු මිනිසා
නයකුගේ දෂ්ඨනයෙන් මිය යාමයි.

අමල් අයියේ ඔබේ සමු ගැනීම වේදනාත්මකය.දරාගත නොහැකිය.

උඹ පැතූ ලෝකය උඹට උදා වූයේ නැති බව මම දනිමි.

සිය ගණනක් සත්ත්ව ජීවිත බේරූ උඹ පින් රැස් කරන්නට ඇති අපටත් වඩා.....’ 


 
 

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා දරුවා නැති වුණා

 
 
 
දරුවා අපිට නැතිවුණේ නාගොඩ රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ වරදින්. මගේ ළඟ සියලුම වෛද්‍ය සහතික තිබෙනවා. මම මේ සම්බන්ධයෙන් රෝහ‍ලේ ඉන්න ඒ වෛද්‍යවරුන්ට විරුද්ධව දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය පියවර අරගන්නවා. ඒ මොකවත් නිසා නොවෙයි මගේ අහිංසකයාට වුණු අසාධාරණය තවත් මේ රටේ අහිංසක දරුවකුට  සිදු නොවෙන්නයි. ඇයි ඒ උදවිය අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ. යැයි කළුතර නාගොඩ රෝහ‍ලේ අවස්ථා කිහිපයක් නේවාසිකව සිට ප්‍රතිකාර ලැබූ බෙන්තොට ගෝනගලපුර හේනෙගෙවත්තේ ජීවත් වූ වයස අවුරුදු 09 ක කුඩා දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධව දරුවාගේ පියා එසේ පැවසීය.
විශ්ව අයෝෂ නෙත් කැළුම් හේමචන්ද්‍ර සිසුවා ගෝනගලපුර නවෝද්‍යා පාසලෙහි හතරවැනි වසරෙහි අධ්‍යාපනය ලැබුවේය. සංජිව හේමචන්ද්‍ර සහ අයෝධ්‍යා විජේමාලි යන දෙමාපියන්ගේ බාල දරුවා මෙලෙස මියගොස් ඇත. ඔහුට වැඩිමහල් 12 හැවිරිදි සහ 17 හැවිරිදි සහෝදරියන් දෙදෙනෙකි.
දරුවාගේ පියා වන සංජීව හේමචන්ද්‍ර තවදුරටත් මෙසේ පැවසීය.
මගේ දරුවාට එහෙම අසනීපයක් තිබුණේ නැහැ. හිටි හැටියෙම තමයි දරුවා කිව්වේ ඔලුව රිදෙනවා කියලා. අපි ගෝනගලපුර රෝහලෙන් ප්‍රතිකාර ගත්තා. එහි වෛද්‍යවරු අපට කිව්වා දරුවාගේ රෝගී තත්ත්වය අනුව දරුවාට සුෂුම්නාව හා මොළය සම්බන්ධව අසනීපයක් තිබෙන බව පේනවා. කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරන්න කියලා. අපි ඉකුත් මැයි 06 දා නාගොඩ රෝහ‍ලේ 10 වැනි වාට්ටුවට ඇතුළත් කළා. එම රෝහ‍ලේ ළමාරෝග විශේෂඥ වෛද්‍යවරිය කිව්වා දරුවාට නිදි උළුක්කුවක් වගේ තියෙන්නේ කියලා. මගේ බිරිඳ ඒ අවස්ථාවේ කිව්වා ගෝනගල රෝහලෙන් කිව්වේ සුෂුම්නාව හා මොළය සම්බන්ධ තත්ත්වයක් වගේ කියලා. එවිට ඔයාලා එනවද මට උගන්වන්න කියලා දොස්තර නෝනා මගේ බිරිඳට බැන්නා. අපි නිහඬ වුණා. පසුව දරුවා ගෙදර ආවා. නැවතත් ජූනි මස 22 දා එම රෝහලට ඇතුළත් කළා. එහිදී තවත් විශේෂඥ වෛද්‍යවරියක් ප්‍රතිකාර කළා. ඔවුන් කිව්වෙත් ඒ වගේම දෙයක්. දරුවා හිස බදාගෙන කෑගහන විටත් වෛද්‍යවරුන් කිව්වේ නිදි උළුක්කුව කියලා. පැරසිටමෝල් දීලා බාම් ගාලා අතගෑවා ඒ අය.
පසුව අපි එම වෛද්‍යවරිය වෙත පුද්ගලිකව මුදල් ගෙවලා දරුවා පෙන්නුවා. එවිට ඇය කිව්වා රෝහ‍ලේ ප්‍රතිකාර ලැබුව වාර්තාව බලලා දරුවාගේ ස්නායුවල ප්‍රශ්නයක් කියලා. එහිදී එම වෛද්‍යවරිය දින 07 කට දරුවාට බෙහෙත් දුන්නා. දරුවා 06 වැනි දවසේ සිහි මුර්ජා වෙලා වැසිකිළියේ වැටුණා. අපි නාගොඩ රෝහලට රැගෙන ගියා. ඒ වැටෙන විට පාන්දර 6.10යි. අපි පෙ.ව. 7.00 ට විතර රෝහලට ඇතුළත් කළා. පසුව වෛද්‍යවරු බෙහෙත් දුන්නා. දරුවා දඟලනවා, කෑ ගහනවා අපට බලාගෙන ඉන්න බැහැ. ඒත් ඒ අය කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. පසුව ඔවුන් කොළඹ මහ රෝහලට යවන්න තීරණය කළා. ඒත් පාසල් ඇරිලා රථවාහන තදබදය කියලා සවස 2.00 වනතුරු දරුවාව කොළඹ නොයවා බලාගෙන හිටියා.
මම කියන්නේ ඒ ප්‍රමාද කළේ ඒ අය දරුවාට දීපු බෙහෙත් නියම අසනීපයට දීපු ඒවා නොවන නිසා ඒවා ශරීරයේ දියවන තුරු සේලයින් දීම නිසයි. නාගොඩින් සී.ටී. ස්කෑන් එකක් අන්තිම මොහොතේ කළා. ඉන්පසු කිව්වා මොළයේ ‍ලේ කැටි දෙකක් තියෙනවා කියලා.
පසුව කොළඹ යනවිට සවස 5.30යි. ඒ වනවිට ගිලන් රථය වැල්ලවත්තේදී ක්‍රියා විරහිත වුණා. පසුව මහ රෝහලින් ගිලන් රථයක් රැගෙනවිත් දරුවා අරන් ගියා. ඒ ගිය ගමන් සී.ටී. ස්කෑන් එකක් කළා. කුඩා ශල්‍යකර්මයක් කරලා ඊ.වී.ඩි. එකක් දැම්මා. දරුවාගේ රෝගී තත්ත්වය ටිකක් අඩුවුණා. පසුව කොළඹ පුද්ගලික රෝහලකින් ඩී. එස්. ඒ. පරීක්ෂණය කළා. එම රෝගී පරීක්ෂාවෙන් පසුව මහ රෝහ‍ලේ බණ්ඩාරනායක ගොඩනැගිල්‍ලේ 12 වාට්ටුවේ සිටි වෛද්‍ය ජයන්ත ලියනගේ මහතා, වෛද්‍ය හපුආරච්චි මහත්මිය යන අය විශාල උත්සාහයක් අරන් ශල්‍යකර්මය සිදුකළා. ඒ ජුනි 30දා. පසුව ජුලි 01 දා දරුවාට සිහිය ආවා. ඔපරේෂන් එක සාර්ථකයි කියලා වෛද්‍ය ජයන්ත මහතා කිව්වා. දින 26 ක් යනතුරු දරුවා හොඳින් හිටියා. මැෂින් ගැලෙව්වා. කිසිම අපහසුවක් තිබුණේ නැහැ. නමුත් දරුවාට සෙම ගතිය වගේ තිබුණා. ජුලි 26 දා නැවත දරුවාට අසනීප වුණා. 28 දා නැවත ඔපරේෂන් කළා. ජුලි 05 දා දක්වා මැෂින් එකෙන් දරුවා ජීවත් වුණා. එදින අලුයම 3.30ට පමණ දරුවා නැතිවුණු බව අලුයම 5.30 ට රෝහලින් ආපු දුරකතන ඇමතුමෙන් දැන්වූවා. අපේ ජීවිත ගමන නතර කළා වගේ අපට හැඟුණා.
අපට ගෝනගල රෝහ‍ලේ සහ කොළඹ මහ රෝහ‍ලේ වෛද්‍යවරු ගැන කිසිම සැකයක් නැහැ. ඒ අය ඒ අයගේ කැපවීම උපරිම ලෙස කරලා දරුවා වෙනුවෙන් කළ හැකි හැමදේම කළා. නමුත් කළුතර නාගොඩ රෝහ‍ලේ වෛද්‍යවරුන් කළ නොසැලකිලිමත් වෛද්‍ය ප්‍රතිකාර නිසා මගේ දරුවා මට නැති වුණා.
දර්ශන කරුණාරත්න බෙන්තොට ඉඳුරුව වාර්තාකරු
 
 
 
 

Thursday, 11 August 2016

පෝට් සිටිය නැවැත්තුවේ ඉන්දීය බලපෑමටයි.. – රාජිතගේ කටින් පනී..

ගිය රජය විසින් වැඩ 
ආරම්භ කර කොලඹ ගාළු 
මුවදොර ඉදිකරමින් තිබූ 
වරාය නගරය නව රජය
 විසින් අත්හිටුවනු ලැබුවේ
 ඉන්දීය විරෝධය නිසා බව
 ඇමති රාජිත සේනාරත්න
 මහතා කොලඹදී පැවති
 මාධ්‍ය හමුවක් අමතමින්
 කියා සිටියේය. 



එදිනෙදා වියදමට ෆොන්සේකා ලක්‍ෂ 5900ක් ඉල්ලයි.. පාර්ලිමේන්තු අනුමැතිය සූදානම්..

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රාදේශීය සංවර්ධන ඇමති ධුරය හා අමාත්‍යංශ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59ක් අනුමත කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවට පරිපපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතාලක මහතා විසින් ඊයේ දින ඉදිරිපත් කර තිබේ.

මෙම පනත ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී සම්මත වීමට නියමිතය. ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් මේ වන තෙක් නිසි ලෙස විෂය බෙදීමක් සිදුව නැති අතර ඊට අයත් ආයතනයන්ද වෙන් කර දී නැත.

ෆොන්සේකා මහතා ඇමති ධුරයේ දිවුරුම් දී මාස ගණනකට පසුව මෑතකදී අමාත්‍යංශය වෙනුවෙන් රාජගිරියෙන් ගොඩනැගිල්ලක් කුලියට ගනු ලැබින.

ඒකාබද්ද විපක්‍ෂය දකුණු පළාත් සභා බලය අල්ලයි.. සුළුතර මහ ඇමති ෂාන් විජේලාල්ට ධුරය අහිමි වෙයි…

දකුණු පළාත් සභාවේ බහුතරය අහිමි වීම නිසා මහ ඇමති ශාන් විජේලාල්ද සිල්වා මහතාට තව දුරටත් මහ ඇමති ධුරයේ කටයුතු කල නොහැති තත්වයකට පත්ව තිබේ.

පළාත් සභාව තුල සන්ධාන මන්ත‍්‍රී ධුර 33ක් ඇති අතර ඉන් 27ක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ එක් මන්ත‍්‍රිවරයෙක් සමගින් මන්ත‍්‍රීවරුන් 28ක් ඒකාබද්ද විපක්‍ෂයට සහාය දැක්වීමට තිරණය කර ඇති බව පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මේ අනුව මන්ත‍්‍රී ධුර 55ක් ඇති දකුණු පළාත් සභාවේ බහුතරය මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය සතුව ඇති අතර මහ ඇමතිවරයාට තම ධුරය රැකගැනීමට නම් එජාප සහාය පමණක් ප‍්‍රමාණවත් නොවෙයි. ජවිපෙ මන්ත‍්‍රී ධුර 05 බොහෝ විට ඉදිරි අයවැයේදී හෝ මුදල් පනතකදී පක්‍ෂ නොවීමේ ඉඩකඩ වැඩි නිසා මහ ඇමතිවරයාට තව දුරටත් තනතුරේ රැදී සීටීමට නොහැකි තත්වයක් උදා වී ඇත.
 
Blogger Templates