Pages

Subscribe:

Sunday, 3 July 2016

අලුත්කඩේ අධිකරණ විනිසුරු කුඩුකාරයෙක් – රන්ජන්

අලුත්කඩේ අධිකරණයේ විනිසුරුවරයා සහ අධිකරණයේ නීතීඥයින් කුඩුකාරයින් යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්න මොවුන් කුඩු ජාවාරම්කරුවන්ගෙන් අල්ලස් ලබා ගන්නා බවයි.

ඒ බියකරු මහරජා එලෙවුවේ මමයි.. මං අගමැතිට කීකරුද.. – ජනපති උත්තර දෙයි..

මීට පෙර සිටි ජනාධිපතිවරු හැසුරුණු ආකාරයට හැසීරීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කරන ජනාධිපතිතුමා තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාමුහිකත්වය අගය කරන සියලූදෙනාගේ හඩට ඇහුම්කන් දෙන ජනාධිපතිවරයෙක් බව පැවසීය.

දැන් සිටින ජනපති, අගමැතිටත් කීකරුයි, යැයි හිටපු අමාත්‍යවරයෙකු කර තිබූ ප‍්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමා කීකරු මේ රටේ පොදු මහජනතාවට පමණක් බවයි.

පැවති ඒකාධිපති පාලනය ජනතාවගෙන් ප‍්‍රතික්ෂේපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස තමා මේ රටේ ජනාධිපති ධූරයට පත්වූ බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා තමා තීන්දු තීරණ ගන්නේ සැමගේ හඩට ඇහුම්කන් දෙමින් රටේ අවශ්‍යතාවය මත බව ද කියා සිටියේය.

එමෙන්ම සමූපකාර සමිති සදහා 2017-2018 වසර දෙක තුළ තීරුබදු රහිත ලොරි රථ ලබාදීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන එන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

බංග්ලාදේශ IS ප‍්‍රහාරය

බංග්ලාදේශ ප‍්‍රහාරයෙන් ලංකාවෙ දෙන්නා බේරිලා
විදේශිකයින් 18 ක් හා පොලිසියේ 2 ක් මියගිහින්


ඊයේ රාත‍්‍රියේ සිට අද උදෑසන දක්වා ලෝකයේම අවධානය දිනාගනිමින් බංග්ලාදේශයේ අවන්හලකදී සිදුවූ අයිඑස් ත‍්‍රස්ත ප‍්‍රහාරය හා ප‍්‍රාණඇපකරුවන් රඳවාගැනීමේ ක‍්‍රියාවලිය අද උදෑසන එරට කොමාන්ඩෝ බලකායේ මැදිහත්වීමෙන් 
ප‍්‍රහාර දියත් කර අවසන් කළා.එම සිදුවීම නිසා 25 ක් මියගිය අතර එසේ මියගිය අය අතර ප‍්‍රාණ ඇපයට තබා ගැනුණු ඉතාලි හෝ ජපන්  හෝ ආර්ජන්ටිනා ජාතිකයින් 18 ක් පොලිසියේ 2 දෙනෙක් හා අයිඑස් ත‍්‍රස්තයින් 5 ක් සිටින බව හඳුනාගෙන තිබේ.
බේරාගත් විදේශිකයින් ගණන 14 කි. ඒ අය අතර ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද සිටින බව වාර්තා වුණා. ඒ අය කවුද යන්න ගැන වැඩි විස්තර ඉදිරියට හෙළිදරව් කරනු ඇත.
මෙම ප‍්‍රහාරය අයිඑස් වැඩක් ලෙස එම ත‍්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.


මේ දක්වා යුරෝපය හා බටහිර රටවල ප‍්‍රහාර සැලසුම් කළ අයිඑස් ත‍්‍රස්තයන් ඉදිරියට ආසියානු රටවල විදේශිකයින් ඉලක්ක කර මේ ආකාර ප‍්‍රහාර සැලසුම් කරනු ඇති බවට මේ නිසා අවදානමක් මතුව තිබේ.

බංග්ලාදේශයේ අවන්හලේ අයි එස් ප‍්‍රහාරය මැඩ පවත්වයි

බංග්ලාදේශයේ අවන්හලේ
අයි එස් ප‍්‍රහාරය මැඩ පවත්වයි
ප‍්‍රාණ ඇපකරුවන් මුදාගනී

ශ‍්‍රී ලාංකිකයින් සිටියාද සැකයක්?

බංග්ලාදේශයේ ඩකා නුවර ගුල්ශාන් නමැති රාජ්‍ය තාන්ත‍්‍රිකයන් වාසය කරන ප‍්‍රදේශයේ පිහිටා තිබෙන අවන් හලකට ඊයේ රාත‍්‍රී අයිඑස් ප‍්‍රහාරයක් එල්ල වුණා.
හෝලි ආටිසන් නමැති මෙම ඉතාලියානු ආපන ශාලාවට වැඩි වශයෙන් විදේශිකයන් පැමිණෙන අතර ඊයේ රාත‍්‍රී 9.30 ට පමණ අවි රැගෙන පැමිණි ත‍්‍රස්තයින් 9 දෙනෙකු 
අවන්හලේ ප‍්‍රධානියා බියට පත්කර එහි සිටි අය ප‍්‍රාණ ඇපයට ගෙන තිබුණා. එම අවස්ථාවේ කලබල ඇති කළ ආර්ජන්ටිනා ජාතිකයෙකු සහ පිරිස මුදවාගන්නට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ත‍්‍රස්තයින්ගේ වෙඩි පහරින් මරු දුටුවා.

අද උදෑසන වනවිටත් ත‍්‍රස්ත පිරිස ප‍්‍රාණ ඇපකරුවන් ඇතුළත තබාගෙන සිටි අතර ඇතුළේ සිටි එක් බංග්ලාදේශ ජාතිකයෙකුගේ දුරකථනයකින් පණිවිඩයක් ලබාදෙමින් පොලිසියට දන්වා තිබුනේ එම ස්ථානය වැටලීමට උත්සාහ කළොත් සියල්ලන් මරා දමන බවයි.
මෙම ප‍්‍රාණ ඇපකරුවන් ප‍්‍රමාණය ගැන විවිධ සංඛ්‍යාලේඛන පළව තිබූ අතර එක් වාර්තාවකින් කියැවුනේ 35 දෙනෙකු සිටි බවත් ඉන් 15 ක් බංග්ලාදේශ ජාතිකයින් බවත්ය. ඉතිරි 20 දෙනා අතරින් 5 දෙනෙකු ජපන් ජාතිකයින් බව ජපන් තානාපති කාර්යාලය දන්වා සිටි අතර 2 දෙනෙකු ශ‍්‍රී ලාංකිකයින් යයි තොරතුරු ලැබී ඇතැයි බංග්ලාදේශ වැඩබලන මහකොමසාරිස් මහත්මිය මාධ්‍ය වෙත දන්වා තිබුණි.

බංග්ලාදේශ මාධ්‍ය වාර්තා අනුව කොමාන්ඩෝ භටයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අද උදෑසන 7.40 ට පමණ බේරාගැනීමේ මෙහෙයුම ඇරඹූණ අතර උදෑසන 8.35ට පමණ වාර්තා වූයේ මෙම මෙහෙයුමේදී ත‍්‍රස්තයින් 5 දෙනෙකු මරු දුටු බවත් දෙදෙනෙකු පළාගිය බවත් එක් අයෙකු අල්ලාගත් බවත්ය. ඒ අතරම ප‍්‍රාණ ඇපකරුවන් සියල්ල මුදවා ගත් බවත් ඔවුන් ගිලන් රථ මගින් රෝහල් කරා ගෙන ගිය බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා දක්වා ඇත.

රටවල් 12 ක්‌ ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලයි

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි රටවල් 12 ක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත. මෙම රටවල් නම් ප්‍රංශය, මැසිඩෝනියාව, චෙක්‌ රාජ්‍යය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, නෝර්වේ, මොන්ටිනිග්‍රෝ, කැනඩාව, එස්‌ටෝනියාව, ඇල්බේනියාව සහ ස්‌විට්‌සර්ලන්තය වේ.
එස්‌ටෝනියා තානාපතිවරයා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතිය අත්සන් කළ යුතු බව ද ප්‍රකාශ කර ඇත.
ඇල්බේනියා තානාපතිවරයා ශ්‍රී ලංකා රජයේ දේශීය යාන්ත්‍රණය පිළිගැනීම මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර තිබෙ මෙහිදී ඔස්‌ට්‍රෙලියා රජය පමණක්‌ ශ්‍රී ලංකාවට සහාය වන බව ප්‍රකාශ කර ඇත.
මංගල සමරවීර මහතා ජිනීවා සැසිය අමතමින් කියා සිටියේ යුද අපරාධ පරීක්‌ෂණ පමා නොකරන බවත් යුද අපරාධ පරීක්‌ෂණ පැවැත්වීම උපාය මාර්ගිකව ප්‍රතික්‌ෂේප කරනු ලබන බවට පැතිරෙන අදහස්‌ තමා ප්‍රතික්‌ෂේප කරන බවත්, යුද හමුදාව පාවිච්චි කළ ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන්ට පැවරීමට ආණ්‌ඩුව පියවර ගෙන ඇති බවත් ආණ්‌ඩුවේ ප්‍රයන්තය කල් පවත්නා සෞභාග්‍යවත් සමාජයක්‌ නිර්මාණය කිරීම බවත් හෙතෙම පවසා තිබේ.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය බාධා නොකළ යුතුයි - රුසියාව කියයි
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා ජාත්‍යන්තර ප්‍රජාව අනවශ්‍ය ලෙස බාධා කිරීම් නොකළ යුතු බව රුසියානු රජය සඳහන් කරයි. ජිනීවා නුවර පැවැත්වෙන 32 වැනි මානව හිමිකම් සැසිවාරයේදී පෙරේදා (29) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රුසියානු නියෝජිතයා මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට තම රටේ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට හැකියාවක් පවතින බැවින් ඒ සඳහා අනවශ්‍ය ලෙස බාධා කිරීම් නොකළ යුතු බවද රුසියානු නියෝජිතයා පෙන්වා දුන්නේය. එමෙන්ම ශ්‍රී ලංකාවට ස්වෛරී රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට හැකියාවක් පවතින බවත් එරට ස්වෛරී භාවයට බාධා පැමිණවීම අනිසි බලපෑමක් ලෙසත් රුසියානු නියෝජිතයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ යන රටවල් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රජය සංහිඳියාව ඇති කිරීමට තවදුරටත් කැපවී කටයුතු කළ යුතු බවයි.
මෙහිදී ඇමෙරිකානු නියෝජිත කීත් හාපර් කියා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන වාර්තා වඩා සතුටුදායක වාර්තා වනු ඇති බවට විශ්වාස කරන බවයි.

ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළු 12ක් ISIS ප‍්‍රාණ ඇපයට ගනී..

ISIS සංවිධානය විසින් බංග්ලාදේශ ඩකා අගනුවර අවන්හළකට එල්ල කල ප‍්‍රහාරයක් හේතුවෙන් දෙදෙනෙකු මිය ගොස් තිස් දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

එම අවන්හල සිය පාලනය ගෙන ඇති එම ත‍්‍රස්තවාදීන් පිරිස දෙලොස් දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස සිරකරගෙන සිටී.

එසේ සිරකරගෙන සිටින පිරිස අතර ශ‍්‍රි ලාංකිකයින් දෙදෙනෙකුද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිරිස් බේරා ගැනීම සඳහා මුදා ගැනීමේ මෙහෙයුම් අරඹා තිබේ.

හිරේ දැම්මත් ජවය නොසිඳේ.. උදය අධිකරණ බිමේ සිටම ආණ්ඩුව එලවන සටන් බිම ඉදිරියට පනී.. [Video]

ඕස්ටේ‍්‍රලියානු ව්‍යාපාරිකයෙකුගේ කොටස් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් මගින් විකිණුවේ යයි ලද පැමිණිල්ලක් මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ දිනයේ ඇප මත නිදහස් කිරීමෙන් පසු මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.
 
Blogger Templates