එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය සැමරුම් උළෙල අද (10) කොළඹ කැම්බල් පිටියේ දී පැවැත් වුණා. අගමැති රනිල් වික්‍රමසිහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයෙක් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වී සිටියා. ඒ වගේම එජාප සංවත්සරයට හිටපු ජනාධිපතිණී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද එක්ව සිටියා.
ආරාධිත දේශනය පවත්වමින් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමන් කියා සිටියේ.ඇමති මණ්ඩලය එපා කියද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නියමිත කාලයට වසර දෙකකට කලින් ඡන්දයකට ගියේ ආර්ථික අර්බුධයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට මුහුණ දීමට ඇති බයි නිසායි. අද ඔහුට වෙලා තියෙන දේ කවුරුත් දන්නවා.
වසර 70 කට පෙර සිංහල, දමිල හා මුස්ලිම් ඇතුළු ශ්‍රී ලංකාවේ සියළුම දෙනා එකමුතු කරගෙන සංහිඳියාව ගොඩ නගන්න ඩී.එස්.සේනානායක එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ එදා ගත් උත්සාහය මෙතෙක් අනි කිසිවෙකුගෙන් ඉටු වීනොමැති බවත් අද එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම කාරනය තේරුම් ගෙන එය ඉටු කිරීමට ගන්නා උත්සාහය සාර්ථික කර ගැනීමට ඔබ සියළු දෙනාගේ සහාය බලා පොරොත්තු වන බවත් ජනපති කීවේය.
2015 ජනවාරි තමාට ලැබුණු ජනවරමේ වැඩිම පාර්ෂවකාරයින් සිටිනා පක්ෂයේ 70 වැනි සංවත්සරයට ආරාධනා ලැබීම හා ඇමතීමට ලැබීම විශාල සතුටක් බව ජනපති වැඩිදුරටත් කීවේය.
සමරු උළෙල අමතමින් රනිල් වික්‍රමසිංහ අගමැති මෙසේ කීය
අපි 2020 වෙනකුට මේ රටේ ණය බර අඩුකරනවා. පරම්පරා ගාණකට රාජපක්ෂ රෙජිමයේ ණය ගෙවන්න තියන්නේ නෑ. අපේ කාලයේ අපි ඒ ණය ගෙවනවා. අපිට තනි තනිව මේ දේවල් කරන්න බෑ බෙදිලා කරන්නත් බෑ.අපි දේශපාලන විසඳුමක් කරා ගමන් කරනවා. ඒ සඳහා අපි අලුතින් ව්‍යවස්ථාවක් හදනවා. ඒ ගැන තාම තීරණයක් නෑ සාකච්ඡා විතරයි තියෙන්නේ. මුලින්ම වාර්තාවක් පාර්ලිමේන්තුවට දෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව එකඟ වුණාම තමයි කෙටුම්පත සකස් කරන්නේ.
අපි 2020 වෙනකුට මේ රටේ ණය බර අඩුකරනවා. පරම්පරා ගාණකට රාජපක්ෂ රෙජිමයේ ණය ගෙවන්න තියන්නේ නෑ. අපේ කාලයේ අපි ඒ ණය ගෙවනවා. අපිට තනි තනිව මේ දේවල් කරන්න බෑ බෙදිලා කරන්නත් බෑ.අපි දේශපාලන විසඳුමක් කරා ගමන් කරනවා. ඒ සඳහා අපි අලුතින් ව්‍යවස්ථාවක් හදනවා. ඒ ගැන තාම තීරණයක් නෑ සාකච්ඡා විතරයි තියෙන්නේ. මුලින්ම වාර්තාවක් පාර්ලිමේන්තුවට දෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුව එකඟ වුණාම තමයි කෙටුම්පත සකස් කරන්නේ.
ත්‍රීකුණාමලය, ගාල්ල, මොණරාගල, මහනුවර, හම්බන්තොට, බස්නාහිර කර්මාන්ත කලාප ඇති කරමින් අලුත් ආර්ථිකයක් බිහිකර රැකියා දසලක්ෂයේ ඉලක්කය ජය ගැනීමට කටයුතු කරන බවද අගමැතිවරයා එහිදී පැවසීය.
ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණවලදී කාන්තාවන්ට සියයට 25ක නියෝජනයක් ලබාදීමට පියවර ගෙන ඇති බවත්. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා සෑම පාසලකටම හොඳ ගුරුවරු ලබාදෙන බවත්, අගමැතිවරයා කියා සිටියේය.
උතුරේ ජනතාවට, වතුකරයේ ජනතාවට නිවාස ලබාදීමට ඇති බවත්, එසේම නගරවල පැල්පත්වල ජීවත් වන ජනතාවට, මධ්‍යම පන්තියේ අයට නිවාස ලබාදීමට ඇති බවත්, අගමැතිවරයා පැවසීය.
ඒ අනූව ලබන වසරේ ජනවාරී මාසයේ සිට නිවාස ලක්ෂ 5ක් හැදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද, නිවාස සාදාගැනීම සඳහා නව බැංකුවක් ආරම්භ කර එමඟින් ජනතාවට ණය ලබාගැනීමේදී සහන සලසන බවද, සියලුදෙනා වගකීම් දැරීමට එඩිතරව කටයුතු කළ යුතු බවද, සියලු ජාතීන් සමගියෙන් ජීවත් වන රටක් ගොඩනැඟීමට කැපවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මම එල්.ටී.ටී.ඊය එක්ක ගිවිසුම් ගහලා නෑ. මට පරාජය වෙන එක හොඳයි. එල්.ටී.ටී.ඊය සමග ගිවිසුම් ගැසීම සමහරුන්ට දේශප්‍රේමි. ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළ අය සමග ගිවිසුම් ගැසීම දේශප්‍රේමි. ඒත් බණ්ඩාරනායක මැතිතුමා ආරම්භ කළ පක්ෂය එජාපය සමග ගිවිසුම් ගැසීම දේශද්‍රෝහි. ඉතින් රටේ ජනතාවට තීරණය කරන්න පුළුවන් කවුද දේශප්‍රේමි කවුද දේශද්‍රෝහි කියලා'





0 comments:
Post a Comment