තම අත්අඩංගුවේ සිටි මීට වසර 18කට පෙර දී.. සිය රාජකාරි ගිනි අවියෙන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුව වෙඩි තබා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් නොවන අපරික්ෂා කාරී මරණයක් සිදු කරන ලදැයි කියන සිද්ධියකට වරදකරු වූ යුද හමුදාවේ හිටපු මේජර්වරයකුට අත්හිටුවූ සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ගෙවන ලෙසත් විත්තිකරුට පසුගියදා නියෝග කළාය.
රුපියල් 10,000ක දඩ මුදලක්ද ගෙවන ලෙස විත්තිකරුට නියම කළ විනිසුරුවරිය ඊට අමතරව විත්තිකරුට වසර 02ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එම සිර දඬුවම වසර 10කට අත්හිටුවනු ලැබීය.
මෙසේ අත්හිටුවූ සිරදඬුවම්, දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවන ලෙස නියම වූයේ යුද හමුදාවේ හිටපු මේජර්වරයකු වූ විමල් වික්‍රමගේ මහතාටය.
1998 ජුනි 20 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරු පේදුරුතුඩුව යුද හමුදා කදවුරේ ලුතිනන්වරයකුව සිටියදී ඔහුගේ අත්අඩංගුවේ සිටි එල්.ටී.ටී.ඊ. සැකකරුවකු වූ රොබට් වෙලින්ටන් නමැති අය පලායෑමට තැත් කිරීමේදී සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් නොවන අපරික්ෂාකාරී මරණයක් සිදු කරන ලදැයි නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ ජේයෂ්ඨ නීතිඥ ලක්මිණි හිරියාගම මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.
විත්තිකරු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීම හේතුවෙන් මෙම මරණය සිදුවී තිබෙනවා. විත්තිකරුගේ අත්අඩංගුවේ සිටි පුද්ගලයා මාංචු සහිතව පලා යන මොහොතේදී මෙම නොසැලකිලිමත් ක්‍රියාව සිදුකර තිබෙනවා. විත්තිකරු යුද හමුදා නිලධාරියකු ලෙස මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. අධිකරණය මඟින් නිවැරැදි පණිවුඩයක් සමාජය වෙත ලබා දෙමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුට සාධාරණ දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් මහතා මෙසේ පැවැසීය.
මෙම සිද්ධිය වූ කාලසීමාව තුළ උතුරේ දැඩි භීෂණකාරී තත්ත්වයක් තිබුණා. අදාළ සිද්ධිය වී දැනට වසර 18ක් ගතවී තිබෙනවා. විත්තිකරු වසර 22ක් යුද හමුදාවේ සේවය කර දැනට විශ්‍රාමිකව සිටිනවා. දෙදරු පියකු වන විත්තිකරුව ලිහිල් සිරදඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.
මෙම සිද්ධිය වූ කාලසීමාව තුළ උතුරේ දැඩි භීෂණකාරී තත්ත්වයක් තිබුණා. අදාළ සිද්ධිය වී දැනට වසර 18ක් ගතවී තිබෙනවා. විත්තිකරු වසර 22ක් යුද හමුදාවේ සේවය කර දැනට විශ්‍රාමිකව සිටිනවා. දෙදරු පියකු වන විත්තිකරුව ලිහිල් සිරදඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.
අපරික්ෂාකාරී ලෙස වෙඩි තබා ඝාතනයක් සිදු කිරීම බරපතළ වරදක් බව විවෘත අධිකරණයේදී පෙන්වා දුන් විනිසුරුවරිය, විත්තිකරුට අදාළ දඬුවම් නියම කළා.
මෙසේ දඩුවම් නියම වු හිටපු මේජර්වරයකු වූ විමල් වික්‍රමගේ මහතාගේ නිවසට බන්දුල ගුණවර්ධන මැතිතුමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී වරුන් පිරිසක් පැමිණ පවුලේ සුව දුක් විමසමින් ඉදිරි වැඩ පිළිවෙල පිලිබදව අද (11) දැනුවත් කළහ.




0 comments:
Post a Comment