Pages

Subscribe:

Sunday, 29 January 2017

මිග් යානා ගණුදෙනු ගැන පරීක්‍ෂණයෙන් ගෝටාගේ දේශපේ‍්‍රමය හෙලිවෙයි..

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමෙි අරමුණ පෙරදැරිව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙහෙයවන “සුවසර සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උඩුගම මහ විද්‍යාලයේ දී පැවැත්විනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“සෞඛ්‍ය සායන මගින් රෝග හදුනා ගන්න පුළුවන්. කළින් රෝග හදුනා ගැනීමෙන් ප්‍රතිකාර කිරිම පහසු වෙනවා. නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා පෙරළිකාර දේශපාලන චරිතයක්. පෙරළිකාර ප්‍රකාශ නිකුත් කරනවා. උගත්කම, කීර්තිය තිබුනත් ඇතැම් දේශපාලනඥයින්ට ජනතාව තුල දිර්ඝ කාලයක් රැදී සිටිමට අපහසුයි.

Saturday, 29 October 2016

ලංකා පාර්ලිමේන්තුව තුළත් ලිංගික හිංසනයන් වෙනවා.


ලොව පුරා සිටින ඇතැම් මන්ත්‍රීවරියන්ට දේශපාලඥයන්ගේ ලිංගික හා වෙනත් බලපෑම්වලට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නව වාර්තාව පසුගියදා එළිදක්වනු ලැබුවා.  අප්‍රිකාව, ආසියාව, යුරෝපය වගේම ඇමෙරිකානු කලාපය සහ අරාබි රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම වාර්තාව සකසා ඇති අතර, එම රටවල මන්ත්‍රීවරියන් 55 දෙනෙකු මෙම කරුණු විමසීමට බඳුන් වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ව, මන්ත්‍රීවරුන් විසින් ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු කරගැනීම බොහෝ සේ ඉහළ ගොස් ඇති බව අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවන නුසුදුසු වචන මන්ත්‍රීවරියන් සුලභව ගොදුරුවන කාරණයක් බවද එම වාර්තාව පෙන්වා දී තිබේ.
මේ පිළිබදව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ හිටපු මන්ත්‍රීවරියක වන උපේක්ෂා ස්වරණමාලි මහත්මිය
මේ ගැටලුව හැමෝගෙන්ම එල්ල වෙන්නෙ නැහැ. ඒ වගේ මානසිකත්වයෙන් යුක්ත අතලොස්සක් පමණයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ. හැබැයි, ඒ අතලොස්ස කරන දේ ප්‍රමාණවත්" යැයි හිටපු මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.
මහජන නියෝජිතයන් හැටියට මන්ත්‍රීවරියන්ට වෙනත් දේශපාලනඥයන් සමග කටයුතු කිරීමට සිදුවන බවත්, එවැනි අවස්ථාවලදී ඇතැම් දේශපාලනඥයන්ගෙන් කාන්තාවන් වීම නිසාම තමන්ට අනවශ්‍ය බලපෑම් එල්ල වූ බවද ඇය සඳහන් කර ඇත.
මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මම දේශපාලනයට එන්නේ විවාහ වෙලා. ඒ අවස්ථාවේ මට තිබුණ පිළිගැනීම සහ මම දික්කසාද වීමෙන් පසු ලැබුණ පිළිගැනීම හාත්පසින්ම වෙනස්. ඉන් පස්සේ මට අනවශ්‍ය යෝජනා, ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වූ යෝජනා ආදිය ඉදිරිපත් වුණා. එවැනි යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයන් මට උදව් කරන බව පවසමින් ඔවුන්ගේ කාර්යාලවලට එනමෙන් මට ආරාධනා කළා.
පිටරට සංචාර යෑම සඳහා ඇතැම් දේශපාලනඥයන් මට ආරාධනා කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට ටෙලිෆෝන් කරන්න කියනවා. ඒ වගේ අත්දැකීම් මට තියෙනවා" ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ මෙය දරුණු ඛේදවාචකයක් බව පවසා ඇති හිටපු මන්ත්‍රීවරිය, සමස්තයක් වශයෙන් වෙළෙඳ දැන්විම් ඇතුළුව බොහෝ මාධ්‍ය වැඩසටහන් තුළ පවා යම් මට්ටමින් කාන්තා හිංසනයක් සිදුවන බවද පවසා තිබේ.

ඉරානය, මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් එළි දක්වයි


මුහුදේ සහ ගොඩබිම ඉලක්ක හඹා ගොස් පිපිරී විනාශ වන ඩ්‍රෝන් යානයක් ඉරානය විසින් අද එළිදක්වනු ලැබුවා.  කෙසේ නමුත් එය නුදුරේදී මිසයිලවලින් සන්නද්ධ කොට භාවිතයට ගැනීමේ සූදානමක් නොමැති බවයි ඉරාන රජය ප්‍රකාශ කළේ. මුහුදේ ජල මට්ටමට අඩි දෙකක් පමණ සමීපව පැයට කිලෝමීටර් 250 ක පමණ වේගයකින් ගමන් කළ හැකි මෙම ඩ්‍රෝන් යානයට පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගෙන යා හැකි බව සඳහන්. 2011 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවාවට අයත් ඩ්‍රෝන් යානයක් ඉරානය විසින් සිය ගුවන් තලයේදී අත්පත් කරගත් අතර නව ප්‍රහාරක ඩ්‍රෝන් යානය නිපදවීමට එහි තාක්ෂණය යොදාගත් බවයි ඉරාන හමුදා බලධාරීන් සඳහන් කළේ.

ඞී.එස්. සේනානායක වගේ නෑ.. අද සමහරු ජාතිවාදය අවුස්සනවා.. – රාජිත කාටදෝ නොකියා කියයි..

ශ‍්‍රී ලංකාෙවි ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ඞී.එස් සේනානායක මහතාගේ උපහාර උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාලඹෙි රාහුල බාලිකා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විනි.
උපහාර උත්සවය ආරම්භ වුයේ මහාමාන්‍ය ඞී.එස් සේනානායක මහතාගේ ඡුායාරූපයකට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පුෂ්පෝහාර දැක්වීමෙන් අනතුරුවයි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා
‘ඞී.එස් සේනානායක මහතා පිළිබදව වර්තමාන දරු දැරියන් දැනගත යුතුයි. ඔහු යුරෝපීය ඇදුම් ඇන්දත්, සිංහලකම තිබුනේ හදවතේ සහ ක‍්‍රියාවලියේයි. මින්නේරිය ව්‍යාපාරය, ගල්ඔය ව්‍යාපාරය වැනි ගොවි ජනපද ආරම්භ කරමින් ප‍්‍රභූ පැලැන්තියට නොව අහිංසක ජනතාව වෙනුවෙන් ඞී.එස් සේනානානයක මහතා උදාර මෙහෙවරක් ඉටු කළා. ජාතික නිදහස් අරගලයට ද හඩ පෙවූ එතුමා අමද්‍යප ව්‍යාපාරය ක‍්‍රියාත්මක කර මධ්‍යසාර තුරන් කිරිම සදහා ද වැඩපිළිවෙලක් දියත් කළා. ඉංග‍්‍රීසි ආණ්ඩුකාර සොල්බරි සාමි මවිතයට පත් කරමින් පුර්ණ නිදහස ලබාගැනීමට සේනානායක මහතා කැපවීමෙන් කටයුතු කළා. ජාතිවාදය, ආගම්වාදයෙන් තොර වූ ඔහු ජනතාවගේ හිත් තලා නිදහස ලබාගැනීමට කටයුතු කළේ නැහැ. එහෙත් වර්තමානයේ ඇතැමුන් ජාතිවාදය ඇවිලීමට උත්සාහ කරනවා. ඩි.එස් සේනානායක මහතා ශ‍්‍රී ලංකාෙවි වාරි කර්මාන්තය දියුණු කිරීම ද කැප වී කටයුතු කළා. ශ‍්‍රී ලාංකිකයින්ට ඉඩම් අයිතිය ලබාදීමට ද කටයුතු කළ ඞී.එස් සේනානායක මහතාගේ ඉඩම් ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළේ නම් ඉඩම් ප‍්‍රශ්නයට විසදුමක් ලැබෙන බව මම මෙහිදී ප‍්‍රකාශ කිරීමට කැමැතියි’

Tuesday, 11 October 2016

චන්ද්‍රිකා නෝනා සහ මනෝ ගනේෂන් ඇමතිතුමා අත්අඩංගුවට ගත යුතුයි

රැළියක් සාර්ථකද අසාර්ථකද යන්න මැනිය හැක්කේ අතේ කරගැටවලින් වත්, උගුර ලේ රහ වෙනකල් කෑගැසීමෙන් වත්‍ නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

රැළියක සාර්ථකභාවය මැනිය හැක්කේ ඊට ලැබෙන ජනතා සහයෝගයෙන් බවත්,  ඒ අනුව රත්නපුර රැළියට ජනතා සහයෝගය උපරිමයෙන් ලැබුණු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(10)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව කියා සිටි අතර ඉදිරි මැතිවරණයකට කිසිසේත්ම මෛත්‍රීගේ නායකත්වයෙන් ඉදිරිපත් නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නැවුම් සන්ධානයකින් තරඟ කරන බවත් අවධාරණය කළේය.

Sunday, 9 October 2016

බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් තේරෙන සිංහලෙන් කියයි..

පසුගිය වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බැදුම්කර වෙන්දේසිය නිසා අද සිදුව ඇති ආර්ථික අර්බුදය ගැන හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ බැදුම්කර නිකුතුව හේතුවෙන් ගිය රජය සමයේ 6.2ක් වූ රටේ ණය පොලී ප්‍රතිශතය අද වන විට 12.35% ක් තෙක් ඉහල ගොස් ඇති බවයි.
බැංකු, නිවාස ණය සහ උකස් කිරීම් ආදියට කලින් පැවති 6%ක් වූ පොලී අනුපාත ප‍්‍රතිශතය 12%ක් තෙක් ඉහල ගියේද මෙම බැදුම්කර නිකුතුව නිසා බවය.

රට ජාතියට තර්ජිත ත‍්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝටාභය පසුපස..

තමන් මේ රටට ජාතියට තර්ජනයක් වන ත‍්‍රස්තවාදියෙකු ලෙස සිතා රාජ්‍ය බුද්ධි අංශ තමන් පසුපස එවීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි අංශයක් එවන් කටයුත්තක් සදහා තම කාලය ශ‍්‍රමය වැය කිරීම අපරාධයක් බවද පවසන රාජපක්‍ෂ මහතා උවමනා නම් තම දිනපතා වැඩපිලිවෙල ඔවුනට ලබා දිය හැකි බවද කියා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ මාතර වැලිගම පැවති උත්සව සභාවක් අමතමිනි.

ශ‍්‍රී ලන්කන් ලොක්කාට රාජපක්‍ෂ කාලේ පඩිය ලක්‍ෂ 15යි.. යහපාලන කාලේ පඩිය ලක්‍ෂ 35යි..

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාට පසුගිය රජය සමයේ මාසිකව ගෙවූ මුදල රැපියල් ලක්‍ෂ පහලොවක් වුවත් වත්මන් පාලනය යටතේ පත් කර ඇති ප‍්‍රධාන විධායක නිලධාරියාට මාසිකව ලක්‍ෂ 35ක මුදලක් ගෙවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
ලබන ජනවාරි මාසයේ සිට අප්‍රෙල් මාසය දක්වා කටුනායක ධාවන පථය අලූත්වැඩියාව නිසා ගුවන් ගමන් වාර 200 මත්තලට යොමු නොකර අවලංගු කරන්නේ දේශපාලන කුහකත්වය නිසා බවද කී ඔහු එම කාලය තුල ඉන්ධන ලබා ගැනීම සදහ පමණක් එන යානා 37ක් මත්තලට යොමු කිරීම ඉතා පහසුවෙන් කල හැකි යයිද කියා සිටියේය.

Tuesday, 27 September 2016

මහින්දානන්දට ඇප ලැබෙයි

හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය අද (27) නියෝග කර තිබේ.

රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇත.

කොළඹ 7 ප්‍රදේශයේ නිවසක් මිලට ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෙතෙම අද දක්වා රිමාන්ඩ් කර තිබිණ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබු නඩුව ද අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කැඳවු අතර එහිදී එම නඩුවෙන් ද මන්ත්‍රීවරයා ඇප මත මුදාහැර තිබේ.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



සෙබළුන් 5ක් රිමාන්ඩ්


යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ පෙනී සිටි යුද හමුදා සාමාජිකයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේ යාපනය මහේස්ත්‍රත් එස්.සදිස්කරන් මහතා විසින් ඔක්තෝබර් මස 10 වන දින දක්වා එම යුද හමුදා සාමාජිකයින් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

1998 වසරේ යාපනය, අච්චුවේලී ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් අච්චුවේලී යුද හමුදා කඳවුරේ සෙබළුන් 16 දෙනෙකුට ඊයේ දිනයේ යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී සෙබලුන් 11 දෙනෙකු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන්ට ලබන 10 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එතෙක් අනෙක් සෙබළුන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියට අනුව අච්චුවේලී පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත.

ලසන්තගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු මේවන විට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුවෙයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මත එම සිරුර ගොඩගැනීමේ කටයුතු සිදුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 08වනදා කළ ඉල්ලීමකට අනුව අද (27) දේහය ගොඩගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කර තිබුණි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය  පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බැවින් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේය.

ඒ අනුව  දේහය ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනෙකු ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.



අනාරක්ෂිත ළිඳට තරුණයා බිලි

කැකිරාව, මරදන්කඩවල - වටරවුම්පාර ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබේ.

කැකිරාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී එම තරුණයාගේ මළ සිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ  මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 25  හැවිරිදි අයෙකි.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

 කැකිරාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sunday, 25 September 2016

අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකයෝ තොග පිටින් එනවා..


යහපාලන රජය ලොව පුරා සියළු රාජ්‍යයන්ගේ සිත් දිනාගෙන ඇති නිසා අද වන විට විදෙස් ආයෝජකයින් ලංකාවට ගලා එන බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.
මේ වන විට රට පුරා මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වන බවද කී ඔහු විදෙස් මුදල්ද රට තුලට ඇදී ඒම විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවද කියා සිටියේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි.
ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ අවස්ථාවේ ලොකයේ සියළු නායකයින් වත්මන් පාලනය අගය කල බවත් ශ‍්‍රි ලංකාවට ආධාර උපකාර කරන්නට පොරොන්දු වූ බවත් ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.

Tuesday, 20 September 2016

එජාපය වෙනස් නෑ-අපේ සමහරු වාසියට වෙනස් වුණා

එදත් අදත් එජාපයේ ප්‍රතිපත්ති වෙනස්වී නැති බවත්, වෙනස් වී ඇත්තේ සමහරුන්ගේ ප්‍රතිපත්ති පමණක් බවත් හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විවිධ පුද්ගලික වාසි ප්‍රයෝජන සඳහා හෝ ඇමතිකම් සඳහා එලෙස ප්‍රතිපත්ති වෙනස්වී ඇතත් ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති වෙනස්වී නැති බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ නිසාම ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන පිරිසක් සමග තමන් විපක්ෂයේ සිටින බව රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද (19) දිවංගත විවියන් ගුණවර්ධන ජන්ම ශත සංවත්සර සැමරුම නිමිත්තෙන් කොළඹ නව නගර ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

විවියන් ගුණවර්ධන මිය එදවස අරගලයක් වෙනුවෙන් කොල්ලුපිටිය පොලීසියෙන් ගුටි කෑ බවත්, ඇයට පහරදුන් පොලිස් නිලධාරීයාට උසස්වීමක් ලබාදීමට එවක එජාප ආණ්ඩුව කටයුතු කළ බවත් හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය.

එදා පොලීසියයි අද පොලීසියයි අතර වෙනසක් නැති බවත්, එදා එජාප ආණ්ඩුවක ප්‍රතිපත්තියයි මෙදා එජාප ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි අතරද වෙනසක්ද නැති බවත් ඔහු අවධාරණය කළේය.

එදා මෙදා තුරු දේශපාලනය තුළ විවියන් ගුණවර්ධන වැනි චරිතයක් තමාට කිසි කලෙකත් හමුවී නැති වුවද,අද දවසේත් ඇය වැනි පිරිස් වල අවශ්‍යතාව තදින් දැනෙන බවත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.



පුරාවස්තු සෙවූ 6ක් අත්අඩංගුවට




නාගොඩ, ගෝනගොඩ ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගවට ගෙන තිබේ.

නාගොඩ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී නිධන් කැණීම සඳහා යොදාගත් උපකරණ ඇතුළු පූජා භාණ්ඩ ද පොලීසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන්  අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Monday, 19 September 2016

සුළං විදුලි බලාගාරය නිසා පක්ෂි සංහාරයක්

යෝජිත මන්නාරම, සුළං විදුලි බලාගාර උද්‍යාන ව්‍යාපෘතිය හේතුවෙන් විශාල පක්ෂි සංහාරයක් සිදුවන බව පරිසරවේදීන් පවසයි.

ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මන්නාරම් දූපතේ උතුරු කොටසේ ආදම්ගේ පාළම, සමුද්‍ර ජාතික උද්‍යානය සහ ප්‍රධාන පක්ෂි පර්යටන මාර්ගයක් හරහා අදාළ සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී ඇති බවයි.

 වසරකට පක්ෂීන් මිලියන සංඛ්‍යාවක් එම මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම හා පිටවීම සිදුවන බව ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එබැවින් අදාළ ඉදිකිරීම තුළ පරිසර හානියක් සිදුවන බැවින් එය නවතා දැමීමට එක්වීම සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකමක් බව එම සංගමය අවධාරණය කරයි.

 එමෙන්ම යෝජිත සුළං බලාගාරය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදීමේ දී අක්‍රමිකතා සහ විෂමතා සිදුව ඇති බවට ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

රේගු නිලධාරීන් අකුරට වැඩ කරයි

රේගු නිලධාරීන් අකුරට වැඩි කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

යෝජිත රේගු පනතට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව වාර්තා වෙයි.

 රේගු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ නව රේගු පනතක් ගෙන ඒම අවශ්‍ය නොවන බවයි.

 පවතින රේගු පනතට සංශෝධන එක් කිරීම ප්‍රමාණවත් බව ඔවුන් පවසයි.

ඒ අනුව රේගු නිලධාරීන් තම රාජකාරියට අදාළ සේවාවල පමණක් නිරත වන අතර අමතර රාජකාරීවලින් වැළකී සිටියි.

 මේ හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ කටයුතුවලට දැඩි බලපෑමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

  කෙසේවෙතත් ගුවන්තොටුපොළ තුළ මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.

දරුවන් මළ සොවින් ‍මව-පියා දිවි නසා ගනියි

සිය දරුවන් දෙදෙනා මුහුදේ ගිළී අතුරුදන් වීමෙන් සිත් තැවුලට පත් කල්කුඩා, පට්ටිඅඩිච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක සහ පියෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනා සිය නිවස ඉදිරිපිට ගසක ගෙල වැලලාගෙන සිටිය දී අද (19) අළුයම සොයාගත් බවයි.

 46 හැවිරිදි මවක සහ 54 හැවිරිදි පියෙකු මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

ඔවුන්ගේ පුතුන් දෙදෙනා ඊයේ (18) පස්වරුවේ පාසිකුඩා මුහුදේ දිය නෑමට ගොස් සිටිය දී අතුරුදන්ව තිබුණි.

එලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි හා 18 හැවිරිදි වියේ පසු වූ සහෝදරයෙන් දෙදෙනෙකි.

ඔවුන්ගේන් එක් අයෙකුගේ මළ සිරුරක් හමු වී ඇති අතර අනෙක් තරුණයා සොයා  මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

වාස් ඇතුළු 8ට අධි චෝදනා



මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ සිසුවෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අද(19) අධි චෝදනා ගොනුකර තිබේ.

 ඒ අනුව අදාළ නඩු විභාගය ලබන පෙබරවාරි 6, 7 සහ 8 දිනවල සිදුකිරීමට මහාධිකරණය නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා , ඔහුගේ පුත්‍රයා සහ බිරිඳ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබේ.

ඒ අනුව මරණ දඞුවම නියමව සිටින වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත්‍රයා හැර සෙසු විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මහාධිකරණය මගින්, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එක් එක් විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කර තිබේ.

අකුණුසැර වැදී මරුට

අම්පාර, තිරුක්කෝවිල් පොලිස් බල ප‍්‍රදේශයේ, කංචිකුඩිආරු සාවාරු ප‍්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී  වර්ෂාව සමග  ඇතිවු අකුණු පහරකින් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තිරුක්කෝවිල්, 01 ප‍්‍රදේශයේ පදිංචි එම්.තවපුත්ත‍්‍රමි නැමැති පෙදරේරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තිරුක්කෝවිල් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
 
Blogger Templates