Pages

anan manan

Pages

Sunday 18 September 2016

මහින්දානන්ද රිමාන්ඩ්

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු ලබන 22 වනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් මෙම නියෝගය කර ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මන්ත්‍රීවරයාට එරෙහිව දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැමිණිල්ලක් සිදුකර තිබූ බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී  හිටපු අමාත්‍යවරයා නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල්වලින් රුපියල් මිලියන 27ක් වැය කර කොළඹ කිංසි පාරේ නිවසක් මිලදී ගෙන ඇති බවට අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී ඇත.

එම නිවස සඳහා මුදල් ගෙවීම ඔහුගේ පාර්ලිමේන්තුවේ පිහිටි බැංකු ශාඛාවේ ගිණුම හරහා සිදුකර ඇති බව සඳහන් කළ පොලීසිය, තවත් මිලියන 10ක මුදලක් නීති විරෝධී  ආකාරයට උපයාගෙන ඇති බව කියා සිටියේය.

එමෙන්ම නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල්වලින් තවත් දේපළ කිහිපයක් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් අත්පත් කරගෙන ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

No comments:

Post a Comment