Pages

anan manan

Pages

Tuesday 27 September 2016

ලසන්තගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු මේවන විට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුවෙයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මත එම සිරුර ගොඩගැනීමේ කටයුතු සිදුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 08වනදා කළ ඉල්ලීමකට අනුව අද (27) දේහය ගොඩගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කර තිබුණි.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය  පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බැවින් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේය.

ඒ අනුව  දේහය ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනෙකු ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.



No comments:

Post a Comment