Pages

anan manan

Pages

Wednesday 14 September 2016

හමුදා සාමාජිකයාට නියම වූ වන්දිය ගෙවන්න මුදල් එකතු කරයි

අත්අඩංගුවේ පසුවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සාමාජිකයෙකුට වෙඩි තැබීම හේතුව නිසා.. අධිකරණය හමුවේ වරදකරු වූ විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකුට... එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ ඥාතියාට වන්දි ගෙවන ලෙස අධිකරණය නියෝග කළා. එම වන්දි මුදල ගෙවීම සඳහා මුදල් හමුදා නිලධාරියා සතු නොවීම හේතුවෙන් එම මුදල හමුදා නිලධාරියට සොයා දීමේ ව්‍යාපාරයක් අද හෝමාගම නගරයෙන් ආරම්භවුනා.
ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේ මහතා විසින් ගෙවීමට නියම වූ රුපියල් ලක්ෂ 20 ක මුදල එකතු කිරීම අද හෝමාගම නගරයේදී ආරම්භ වුණා. එය සංවිධාන කර තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ හෝමාගම අපි සංවිධානයයි.
2016-09-13

No comments:

Post a Comment