Pages

anan manan

Pages

Monday 19 September 2016

තවත් රැඳවියෙකු ගෙල වැලලාගනියි

මාතර, බන්ධනාගාරය තුළ දී රැඳවියෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි වැසිකිළියක් තුළ දී ඔහු මියගොස් තිබියදී සොයාගත් බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 

මියගිය පුද්ගලයා මාතර ප්‍රදේශයේ  පදිංචිව සිටි 48 හැවිරිදි අයෙකු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.

අදාළ පුද්ගලයා පසුගිය 16 වැනිදා  සිට ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් වසර 12ක සිරදඞුවම් නියම වූ අයෙකු වෙයි.

No comments:

Post a Comment