Pages

anan manan

Pages

Saturday 9 July 2016

බංගලාදේශයේ තව පිපිරීමක් - සිවුදෙනෙකු ජීවිතක්ෂයට

බංග්ලාදේශයේ ඩාකා නුවර ඉද් අල්-ෆිතර් දේවමෙහෙයක් පැවැත්වෙන ස්ථානයක් අසලපිපිරීමක් සිදුව ඇතැයි විදෙස් වාර්තා පවසයි. මෙම පිපිරීමෙන් සිවුදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක් ද සිදු වෙමින් පවතී. බංග්ලාදේශය තුළ මෙසේ ඉද් දේවමෙහෙයක් ඉලක්ක කරමින් සිදුවූ ප්‍රථම ප්‍රහාරය ලෙස මෙය සැලකෙන අතර, මෙම ප්‍රහාරය පසුගිය සිකුරාදා ඩකා අගනුවර ඉතාලි අවන්හලේ සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරයට පසුව ත්‍රස්තයන් යළි නැගී සිටි අවස්ථාවක් බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, ප්‍රහාරකයන් පිරිසක් මෙම දේව මෙහෙය පැවතැවෙන ස්ථානයට ඔබ්බෙන් වූ පොලීසිය වෙත මුලින්ම බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත. පසුව දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක්ද සිදුව තිබේ.
මෙහිදී මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙකුද වන බව විදෙස් වාර්තා පවසයි. ඩකා අගනුවරට ඔබ්බෙන් වූ කිෂෝරේග්නාජ් දිස්ත්‍රික්කයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඇතැම් වාර්තාවන්ට අනුව එම මුස්ලිම් දේවස්ථනයේ ප්‍රධානියාද ප්‍රහාරකයන්ගේ ඉලක්කයක් වූ බව කියැවෙයි.
ඒ, ඉස්ලාම් දහමේ නාමයෙන් සිදුවන ත්‍රස්තක්‍රියා සම්බන්ධයෙන් පසුගියදා ඔහු විසින් ප්‍රසිද්ධ විවේචනයක් සිදුකර ඇති නිසා බව ද සදහන්.
2016-07-07

No comments:

Post a Comment