Pages

anan manan

Pages

Monday 4 July 2016

ශ්‍රීලනිපය ගොඩගන්න මූලික වෙඩිමුරය ඌවෙන් ඇරඹුවා

සම්මන්ත්‍රණයක් තියා ගන්නවත් බැරි තත්ත්වයකට විනාශ කරපු ශ්‍රීලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීමේ මූලික වෙඩි මුරය අපි මේ ඌව වෙල්ලස්සෙන් ආරම්භ කළා යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. වර්තමාන රජයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ජනතා බලවේගය පෙරේදා (02දා) ඌවෙන් ආරම්භ කරමින් වැලිමඩ තුෂාර හෝටලයේ සංවිධානය කර තිබූ ප්‍රධාන ජන හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.
අධිරාජ්‍යවාදීන් එල්.ටී.ටී.ඊ. සංවිධානය හරහා මේ රට කැබලිවලට කඩා මේ රටේ භෞමික අඛණ්ඩතාව නැති කිරීමට උත්සහ කළා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා එය පරාජය කර රට බේරා ගත්තා.
නමුත් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් යයි කියා ගන්නා පිරිස කරන්නේ අපේ රටේ ඒකීය භාවය විනාශ කර රට විදේශීය බලවේගවල අතකොලුවක් බවට පත් කිරීම යැයි ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය එය නොවන බව සඳහන් කළ රාජපක්ෂ මහතා රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන නිසා මේ ගෙන යන සටන එක්කෙනකුට විරුද්ධව ගෙන යන සටනක් නොව රටත් ජනතාවත් බේරා ගැනීම සඳහා වූ සටනක් බවද පැවසීය.

No comments:

Post a Comment