Pages

anan manan

Pages

Monday 4 July 2016

‘සයිටම්’ හොර දොස්තරලාට අත්සන් කරන්න බෑ.. සභාපතිකමින් ඉල්ලා අස්වෙනවා..

මාලඹේ ‘සයිටම්’ පුද්ගලික වෛද්‍ය විදුහලේ සිසුන් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්නැයි අධිකරණය  නියෝග කලහොත් තමන් නීතියට ගරුකර වෛද්‍ය සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහාචාර් කාලෝ ෆොන්සේකා මහතා පවසයි.

එවන් තත්වයකට තමනට සිදු කල හැක්කේ සිතට එකඟ නැතිව එම සිසුන්ට ලියා පදිංචිය ලබා දීම වෙනුවට සිය තනතුරෙන් ඉල්ලා අස්වීම බවයි.

නිසි ආකාරයේ ප්‍රමිතියක් නැති ආයතනයකින් බිහිවන වෛද්‍යවරුන්ද ප්‍රමිතියක් නැතැයි පවසන මහාචාර්යවරයා ඔවුනගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඉරණම ගැන තමන්ට වගකිව නොහැකි නිසා ධුරයෙන් ඉල්ලා අස්වෙන බවද කියා සිටියේය.

No comments:

Post a Comment