Pages

anan manan

Pages

Tuesday 26 July 2016

සාමාන්‍ය පෙළ ලියන්න සිටි සිසුවිය අවසන් තීන්දුව ගනී

සිය පියා ළමා අපයෝජන චෝදනාවකට අධිකරණය මඟින් නියම කරන ලද සිරදඬුවම් ලබමින් පල්ලෙකැලේ සිර ගෙදර සිටින විට එම සිද්ධිය පදනම් කර ගෙන ඇගේ පාසල් මිතුරු මිතුරියන් නිතර ඇයට විහිළු කිරීම නිසා ඇතිවූ සිත් වේදනාවෙන් සිය මවටද ඒ බව කියා පාසල් ටයි පටියෙන් ගෙල වැලලාගෙන අසාධ්‍ය තත්ත්වයෙන් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අතුළත් කළ 16 වියැති දැරියක් දින දහයකට පසු ඊයේ දින (25දා) උදෑසන මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි ශිෂ්‍යාවකි. ඇය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි අතර මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමටද නියමිතව සිට ඇත. පාසලේ ශිෂ්‍ය නායිකාවක ද වූ ඇය ඉගෙනුමට දක්ෂ සිසුවියකී.
ඉකුත් 15 වැනි දින දහවල් පාසල නිම වී ගෙදර ආ ඇය සිය මව වැලඳගෙන "අම්මේ මට නම් ආයේ ඉස්කෝලේ යන්න බෑ. යාළුවො විහිළු කරනවා" යැයි හඬමින් පවසා සිටි බවත් ඊට ටික වේලාවකට පසු දැරිය සිය පාසල් ටයි පටියෙන් ගෙල වැලලාගෙන නිවෙස තුළ එල්ලී සිටියදී සොයා ගෙන රෝහල් ගත කර ඇති බවද පොලිසිය කියයි. මෙම මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (25දා) දහවල් සිදු කිරීමට නියමිතව තිබිණි. හලාවත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

No comments:

Post a Comment