Pages

anan manan

Pages

Wednesday 27 July 2016

“හම්බන්තොට මහින්දට“ පස්සේ ලංකාවේ පත්තු වුණු අලුත්ම උන්මාදය (වීඩියෝ)

කාලයෙන් කාලයට එක එක දේවල් සමාජයට එනවා. ඒ වගේ ගොඩක් දේවල් අන්තර්ජාලයේ පත්තු වුණානේ. ඔන්න දැන්  තවත් වීඩියෝවක් අපිට ඇවිල්ලා තියෙනවා. මේකත් ඇවිල්ලා ලංකාවේ ඉන්න මැති ඇමතිවරු අලලා කරපු වීඩියෝවක්. මේ ගැන කියනවාට වැඩා හොඳයි ඔයාලම බලනවා නම්.

පාද යාත‍්‍රාවට කිසි තහනමක් නෑ.. මාධ්‍ය වාර්තා බොරු.. පොලීසිය හත්පොලේ ගාගෙන..

හෙට දිනයේ පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතා පාද යාත‍්‍රාව එරෙහිව පොලිසිය විසින් මාවනැල්ල හා මහනුවර අධිකරණයන්ගෙන් තහනම් නියෝග ඉල්ලා තිබින.
මෙම අධිකරණ දෙකේදීම ඒකාබද්ද විපක්‍ෂ නියෝජිතයින් පෙනී සිටියහ.
මහනුවරදී පොලීසිය අධිකරණයට කියා සිටියේ ඇමති කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් එජාප සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙන නිසා ගැටුමක් ඇති විය හැති බවයි.
නමුත් අධිකරණය නියෝග කර ඇත්තේ එම වැඩසටහන පස්වරු දෙකෙන් පසු ආරම්භ කරන ලෙසය. ඒකාබද්ද විපක්‍ෂයේ පාද යාත‍්‍රාවට කිසිදු තහනම් නියෝගයක් නිකුත් කලේ නැත.
මාවනැල්ල අධිකරණවට පොලීසිය දන්වා ඇත්තේ මාවනැල්ල නගරයට අගමැති හා ජනාධිපති පැමිණෙන නිසා ගැටුමක් ඇති විය හැකි බවයි. එහිදී අධිකරණයේ තීන්දුව වී ඇත්තේ පෙලපාලිය යාමට බාධාවක් නැති වුවත් ඒකාබද්ද විපක්‍ෂයේ රැුස්වීමක් මාවනැල්ලේ නොපවත්වන ලෙසත්ය.
පාද යාත‍්‍රාවට තහනම් නියෝග නිකුත් කර ඇතැයි පලවන වාර්තා අධිකරණ තීන්දු විකෘති කිරීමක් බව අප හා අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

බැංකු කතාව අලූත් වෙයි ක්ලිප් ලීක් කරේ පෙම්වතාලූ

බැංකු කතාව අලූත් වෙයි 
ක්ලිප් ලීක් කළ පෙම්වතාට නඩු



මින් සති කිහිපයකට පෙර ප‍්‍රධාන පෙළේ බැංකුවක පෙම්වතුන් යුවළකගේ අනියම් ඇසුරක වීඩියෝවක් නිසා සමාජ මාධ්‍ය කැළඹුණා. පසුව වාර්තාවී තිබුනේ එම සිද්ධිය නිසා අදාළ කාන්තාව සේවා ස්ථානයෙන් නෙරපනු ලැබූ බවත් දෙදෙනාගේම පවුල් ජීවිත අවුල් වූ බවත්ය.ෆෝන් රෙපයාර් මල්ලී නිසා මේ වීඩියෝ අන්තර්ජාලයේ පැතිරුණ බවටද තොරතුරු වාර්තාවී තිබුණා.
මේ ගැන කෙරෙන අලූත්ම පරීක්ෂණ අනුව ‘ෆෝන් රෙපයාර් මල්ලීගේ කතාව’ එම පෙම්වතා විසින් ගැලවිජ්ජාවට ගැසූ කෙප්පයක් බව
වාර්තා වනවා. සත්‍ය ලෙසම එම වීඩියෝ මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ පෙම්වතා විසින්ම බවට ද තොරතුරු අනාවරණයවී ඇත.
එම බැංකු සේවිකාව හා ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියා අතර අනියම් ඇසුර සිදුව ඇත්තේ කඩවත ශාඛාවේදීය. සිද්ධිය හසුවීමෙන් පසුව අදාළ සේවිකාව සේවයෙන් ඉවත්කරනු වෙනුවට සිදුකර තිබෙන්නේ මාරුවක් ලබාදීමයි. ඇය මාරුවී ඇත්තේ දෙහිවල ශාඛාවටය.

පසුගිය දිනවල ඇතිවූ ආන්දෝලනයෙන් පසු තතු දත් උදවිය පැතිරූ ආරංචි නිසාදෝ දෙහිවල ශාඛාවේ වැඩිපුර පාරිභෝගිකයන ගැවසුණ බවත් වාර්තා වුණා.
මේ කතාවේ අනුවේදනීය ස්වභාවය වන්නේ ඇයත් ඔහුත් කාර්යාලය තුළ මේ ආකාරයට හැසිරී ඇත්තේ අසම්මත ලෙස වුවද ඔවුන් සැබෑ පෙම්වතුන්වී ඇති කරගත් විශ්වාසය මත මේ දේවල් සියල්ල සිදුවී තිබීමත් පෙම්වතිය තවදුරටත් ඔහු සතු නොවීමේ ද්වේශය මේ ආකාරයට ජීවිත අවුල් කරමින් පුපුරා යාමත්ය.
තමා දිවි හිමියෙන් විශ්වාස කළ පෙම්වතා සමඟ සිය කාර්යාලයේදී පෙමෙන් වෙළුණු පෙම්වතිය මේ පෙම් ජවනිකා රහසින් වීඩියෝ වනවා යයි කිසිදු ආකාරයකට සිතා නැත.

ඔවුන්ට මේ ප‍්‍රශ්නය හමුවේ කාර්යාල වලින් මාරු වන්නට සිදුවුවත් ඒ ඇසුර ටික කාලයක් තිබී ඇත. ඔවුන් අතර කිසියම් විරසකයක් ඇතිවුණ පසුව පෙම්වතියට වෙනත් අයෙකු හා විවාහ වන්නට සිදුවී තිබෙන අතර ඉන් පෙරද විවහකයෙකු බව කියන පෙම්වතා මේ වෙනසට කැමතිවී නැත. ‘මාත් එක්ක හැමදාම ඉන්න බැරි නම් මං අරව ලීක් කරනවා’ යයිද ඔහු ඇයට පවසා ඇත.
ඔහුගේ තර්ජනය ගණනකට නොගෙන ඇය විවාහවූ පසුව එක්වරම ඔහු පලිගෙන නැත. ඔහු උත්සාහ කර ඇත්තේ වීඩියෝ කෑලි ඇපයට තබා තවත් කාලයක් විවාහක පෙම්වතිය සමග ඇසුර ගෙන යන්නටය. එම උත්සාහය නිරර්ථකවී ඇත්තේ ඇය ඔහුව දිගටම ප‍්‍රතික්ෂේප කළ නිසාය.
පෙම්වතා විසින් මේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ඉන් පසුය. ඒ වීඩියෝ පිටවී අන්තර්ජාලය කළඹන අවස්ථාවේ පෙම්වතිය ඔහු විමසා ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීමේදී දුරකථනය අලූත්වැඩියා කළ තැනැත්තා විසින් මෙය සිදු කරන ලද බවට ඔහු කෙප්පයක් ගසා ඇත.
නමුත් ඒ වීඩියෝ පතුරන්නට ඇත්තේ ඔහුම බව ඇය පොලිසියට පවසා ඇත. මේ වනවිට සිදු කරන පරීක්ෂණ වලදී ‘ෆෝන් රෙපයාර් මල්ලී’ගේ කතාව සත්‍ය නොවන බවට තොරතුරු තහවුරුවී ඇති අතර එවැන්නෙක් සොයාගන්නට නැත.
පෙම්වතාට එරෙහිව පෙම්වතිය මේ වනවිට නඩු මගට එළැඹෙන්නට සූදානම් බවද වාර්තා වුණා.
මෙම සිද්ධිය නිසා අදාළ බැංකු ආයතනික අනන්‍යතාවද හෑල්ලූවට ලක්ව තිබෙන අතර
සේවා ආයතනයේ නිල ලාංඡනය සහිත ටී ෂර්ට් එකක්වත් හැඳගෙන පාරට බසින්නට බැරි තත්ත්වයක් උදා වී ඇතැයි එහි සේවයේ නියුතු අය වාර්තා කර ඇත.
සමහරු පාරේදී  එම බැංකුවේ අයට විහිළු කරන්නේ ”ආ නංගී අපටත් පොඩි චාන්ස් එකක් දෙන්න බැරිදැයි?” උපහාසයෙන් බවද වාර්තා වුණා.

සියයට 15වේ වැට් එක යළි එයි - ඡන්දය අගොස්තු 11හ

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු ඡන්ද විමසීම අගෝස්තු මස 11වනදා පැවැත්වීමට ආණ්ඩුව විසින් තීරණය කර තිබේ. අදාළ පනත් කෙටුම්පත පසුගිය 20 දා විවාදයට ගැනීමට නියමිතව තිබුණද වැට් බදු ප්‍රතිශතය වැඩිකරමින් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් එදින එය විවාද නොකෙරුණි.
සියයට 11ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා වැඩිකිරීමට රජය පසුගියදා පියවර ගන්නා ලද අතර, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අදාළ බදු සංශෝධන සිදුකිරීම පිළිගත නොහැකි බව සදහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය. කෙසේවෙතත් වැට් සංශෝධනය පනත් කෙටුම්පත පිළිබද විවාදය 11 දා පැවැත්වීමට තීරණය කර ඇති අතර, ලබන 10දා මුල්‍ය කළමණාකරණ වගකීම සංශෝධන පනත් කොටුම්පත පිළිබද විවාදයක් පැවැත්වීමටද පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කර තිබේ. මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන මෙම පනත් කෙටුම්පත් දෙක සදහාම එම දිනයන්හී සවස ඡන්ද විමසීමට නියමිතය.

පෝට් සිටිය නිසා ෂැංග්‍රිලා සමාගම රජයෙන් වන්දි ඉල්ලයි

ගාලු මුවදොර ඉදිවන ෂැංග්‍රිලා හෝටලය ‍පෝට් සිටි ව්‍යාපෘතිය මගින් මුහුදෙන් ආවරණය වීම හේතුවෙන් රජය සමග එළඹුණු ගිවිසුම කඩ වී ඇතැයි සඳහන් කරමින් ෂැංග්‍රිලා සමාගමට සිදුවන පාඩුවට වන්දියක් ගෙවන ලෙස රජයෙන් ඉල්ලා ඇත. ෂැංග්‍රිලා හෝටල් සමාගම ගාලු මුවදොර සිය හෝටලය ඉදිකිරීමට ගිවිසුම් අත්සන් තබා ඇත්තේ ඉදිරියෙන් පෙනෙන මුහුදු තීරය නිසාය. මේ නිසා තම හෝටලයට සංචාරකයන් වැඩි වශයෙන් අද්දවා ගැනීම ඔවුන්ගේ ක්‍රමෝපාය වී ඇත. කෙසේ වෙතත් ඊට පසුව චීන රජය විසින් එම හෝටලයත් ගාලු මුවදොරත් වැසෙන ලෙස ‍පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් සම්පූර්ණයෙන් වෙරළ තීරය වැසී යන අතර ෂැංග්‍රිලා හෝටලයට ඉදිරියෙන් විශාල නගරයක් දර්ශනය වීමට නියමිතය. මේනිසා සංචාරක ආකර්ෂණය සම්බන්ධයෙන් විශාල පාඩුවක් සිදුවන බව දන්වා එම පාඩුව ගෙවන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ෂැංග්‍රිලා සමාගමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර ඇත.
රජය සඳහන් කර ඇත්තේ සංවර්ධන වැඩපිළිවෙළදී යම් යම් වෙනස්කම් සිදුවන බවත් ඒ සඳහා ගිවිසුම් ගසා නොමැති නිසා අදාළ පාඩුව නොගෙවන බවය. ඒ නිසා සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් රජය වග නොකියන බවද දන්වා ඇත.
දැනට දැන ගන්නට ඇති පරිදි ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ව්‍යාපෘතියක් වන මෙහි කාමර 500කින් යුත් තරු පහේ හෝටලයක් සෑදීමට නියමිතය

මොරගහකන්ද ව්‍යාපෘතියට මෛත‍්‍රීත් බොහෝ වෙහෙස වුණා.. – මහින්ද බෝසත් ගුණැති මිනිසෙක් බව පෙන්වයි.. [Video]

මහින්ද චින්තනයේද පැවති මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය තම පාලන කාලයේ ආරම්භ කරන ලද වැඩපිළිවෙළක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

චීන ආධාර මත වැඩ ඇරඹූ එම ව්‍යාපෘතියට යුද්ධය පැවති කාලයේදීද අයවැයෙන් මුදල් වෙන් කරනු ලැබූ බවද සදහන් කරයි.

එම ව්‍යාපෘතිය සඳහා එකල ඇමතිවරයෙකු වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාද බොහෝ උනන්දු වූ බවද පැහැදිලිව කිව හැකි යයි සඳහන් කලේය.

සොයිසා දෙරණ වාද පිටිය මැද හිටගනී.. වාදපිටියම හොල්මං.. [Video]

දෙරණ රූපවාහිනියේ ඊයේ පැවති වාදපිටිය වැඩසටහනේ අවසන් වටයේදී ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා සිය අසුනෙන් නැඟී සිටියේය.

එජාප මන්ත‍්‍රිවරුන් දෙදෙනාගේ දැඩි බාධා කිරිම් හේතුවෙන් එසේ නැගී සිටි ඔහු එක් වරෙක කියා සිටියේ ‘මේක සංවාදයක්. අයියල වගේ හැසිරෙන්න එපා. අපිත් අයියල තමයි’ කියාය.

සියළු සරසවි සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි..

රට පුරා පිහිටි සියළු විශ්ව විද්‍යාලවල අනධ්‍යන සේවකයින් අද පෙරවරුවේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

තම ඉල්ලීම් හතක් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් ප‍්‍රතිචාර නොලද නිසා මෙම වර්ජනය ආරම්භ කල බව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ද කමිටුව පවසයි.

පළවෙනියා බැඳුම්කර හොරා.. දෙවැනියා ගල් අඟුරු හොරා.. – වාසු

විදුලි බල මණ්ඩලය සදහා ගල් අගුරු මිලදී ගැනීමේදී මහා වංචාවක් සිදුවූයේ චම්පික රණවක ඇමති වී සිටියදී බවත් දැන් ඔවුන් වැරැද්ද විගණකාධිපති පිට දාන්නත් අධිකරණ තීන්දුවද නොපිළිගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹදී පැවති මාදය හමුවකදී මන්ත‍්‍රිවරයා කියා සිටියේ විගණකාධිපතිගේ ගණිතමය නිගමනයන් පවා වැරදියි කියුවද මෙම හොරකම දෙවැනි මහා හොරකම බවත් පළමුවැන්න බැදුම්කර හොරකම බවත්ය.

මේ කරැණු සිදු වුයේ චම්පික රණවක අමාත්‍යවරයා ලෙස සිටියදී බවද ඔහු පෙන්වා දුන්නේය.

මොරගහකන්ද, හම්බන්තොට වරාය එජාප අපේ වැඩ.. මහින්ද අපෙන් කොපි කලා..

මොරගහකන්ද ව්‍යාපෘතිය එජාපයේ රිගේනින් ශ‍්‍රි ලංකා වැඩසටහනේ තිබූ එකක් යයි ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

හම්බන්තොට වරාය ව්‍යාපෘතියද එජාපයේ එව වැඩසටහනේ තිබූ බවත කී ඔහු මහින්ද රාජපක්‍ෂ කලේ රිගේනින් ශ‍්‍රී ලංකා වැඩසටහන කොපි කිරීම යයිද පැවසීය.

Tuesday 26 July 2016

මං දැන් බලන්නෙ මැච් එකේදී ඕස්ටේ‍්‍රලියාව දිනනකං - මුරලිගේ පියා

මං දැන් බලන්නෙ මැච් එකේදී
 ඕස්ටේ‍්‍රලියාව දිනනකං
- මුරලිගේ පියාගෙන් ප‍්‍රකාශයක්


ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මුරලි-වෝන් කුසලාන තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියාවේ තාවකාලික පුහුණුකරුවෙකු බවට පත්වීමත් ඔහු ලංකාවේ ක‍්‍රිකට් බලධාරීන් සමග ආරෝවකට ඒමත් පදනම් කරගෙන ඇතිව තිබෙන සංවාදය ගැන විමසන්නට  ඕස්ටේ‍්‍රලියාවේ හෙරල්ඞ් සන් පුවත්පත මුරලිදරන්ගේ පියා අමතා ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙන අතර ඔහු එහිදී මතභේදාත්මක කරුණු පවසා ඇත.
ලංකාවේ තෙවැනි විශාලතම බිස්කට් කර්මාන්තය හිමිකරු ලෙස මුරලිගේ පියා වන ලකීලෑන්ඞ් හිමිකරු සින්නසාමි මහතාව 
එම පුවත්පත හඳුන්වාදී තිබේ. දෙමළ ඉංග‍්‍රීසි පරිවර්තකයෙකු හරහා ඔහුගෙන් කළ විමසීමේදී මෙසේ කියා ඇත.
‘මං ටීවී එකේ මැච් බලද්දී ඉස්සර ලංකාව දිනනවට ආසයි.

ඒ මගේ පුතා තරග කෙරුව නිසා.ඒත් දැන් මුරලි  ඕස්ටේ‍්‍රලියාවෙ පුහුණුකරුවෙක්. ඒ නිසා මං දැන් මැච් බලද්දි කැමති පුතාගෙ පැත්ත දිනනවට.ඒක එහෙම වෙන්න එපැයි නේද..එයා දැනටමත් ඉතා සාර්ථක ලෙස තමන්ගෙ කාර්යය ඉටු කරන බව පේනවා. පහුගිය මැච් එකේදී  ඕස්ටේ‍්‍රලියාවෙ  ඕ-කීෆ් විකට් 10 ක් ගත්තා.එයාගෙ සාර්ථකත්වය ගැන  ඕස්ටේ‍්‍රලියාවෙ පත්තර වලින් වර්ණනා කර තිබුනෙ අපේ පුතාගෙ දස්කම් අගය කරලා. ඒක මට ආඩම්බරයක්.
මේ බලන්න මං මේ වීදුරුවේ ගැට්ටෙ කාසියක් තියනවා(ඔහු කාසියක් තබමින් කතා කරයි)
අපේ පුතාට බෝල් කරන්න කිවුවොත් මේ විදුරුවට නොවැදී කාසිය විතරක් වැටෙන්න බෝල් කරන්න පුළුවන්.එයාගෙ දක්ෂතා ගැන හැමදාමත් සතුටුවෙන පියෙක් මං.
ලංකාවෙ ක‍්‍රිකට් දැන් වැටිලා.ඒකට ප‍්‍රධානම හේතුව දේශපාලනය.මුරලි ගියාට පස්සෙත්,සංගක්කාර මහේල ගියාට පස්සෙත් කණ්ඩායම එන්න එන්නම වැටුණා. දේශපාලකයන්  ඕනවට වඩා අතපොවනවා.ඒක පිරිහිමට හේතුවයි. ලංකාවෙ දඟ පන්දු පුහුණුකරුවෙක් දැනටමත් ඉන්නවා. මුරලිව  ඕස්ටේ‍්‍රලියාවෙන් ඉල්ලූවා. ඔහුට අකමැතිවෙන්න හේතුවක් නෑ.’

ලෝකයේ ආන්දෝලනයට ලක්වූ ප‍්‍රිස්මා යෙදවුම ඇන්ඩ්‍රොයිඞ් වලට

පසුගිය දින කිහිපයේ ලොව පුරා විලාසිතාවක් බවට පත්වූ ප‍්‍රිස්මා නමැති ඡායාරූප හැඩගැන්වීමේ ජංගම දුරකථන යෙදවුම (ඇප්) ඇපල් අයි ෆොන් වලට පමණකත් පැවති සීමාව පසුකරමින් ලොව බොහෝ දෙනා අතර පරිශීලනය වන ඇන්ඩ්‍රොයිඞ් දුරකථනවලටද පාවිච්චි කළ හැකි ලෙස ඉදිරිපත් කර ඇත.

ඊයේ (24) සිට ඇන්ඩ්‍රොයිඞ් දුරකථන වලට එය ලැබී තිබීමෙන් පසු විශාල පිරිසක් ක‍්‍රියාත්මක කරවන නිසා අධික සර්වර තදබදයක් හටගෙන තිබෙන අතර එම යෙදවුම මගින් ඡායාරූප සංස්කරණයට තරමක් වේලාව ගන්නා බවද කියැවුණා. කෙසේ වෙතත් පසුව එය වෙනස්වන බවද තාක්ෂණික වෙබ් අඩවි පැහැදිලි කර ඇත.
එහි යොමුව පහතින්

https://play.google.com/store/apps/details?id=com.neuralprisma 

බටහිරට ඕන ලෙස සංස්කෘතිය විනාශ කරනු බෑ-භික්ෂුන් වහන්සේලා සමග එක්ව නැඟී සිටිනවා - අගරදගුරු

අද දවසේ වෙනදාටත් වඩා  බටහිර රටවල  ආභාෂයට මේ රට නතුවන කාලයක අපේ රටේ ආගමික ශිෂ්ටාචාරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

එබැවින් ආගම ව්‍යවස්ථානුකූලව ඉවත්කිරීම සුදුසු නැති බව කාදිනල් හිමිපාණන් කියා සිටියේ අද(30)කොළඹ
සම්බෝධි විහාරස්ථානයේදී පැවැත්වුණු අභිනවයෙන් පත්වු අස්ගිරි පාර්ශවයේ  මහානායක වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් පිළිගැනිමේ උත්සවයට එක්වෙමිනි.

 රටේ බුද්ධාගමට හිමිතැන අප ලබාදිය යුතු බවත්,එය අපේ රටේ ඉතිහාසයට සම්බන්ධ බොහෝ දෙනෙකුගේ අත්දැකීම් වන බවත්,ජීවිතයට සම්බන්ධ අත්දැකීම වන බවත් රංජිත් හිමිපාණන් සඳහන් කළේය.

අනාගමික රාජ්‍යයක් බිහිකරලීම පිළිබඳ සංකල්පය තමන් පිළිනොගන්නා බවද කාදිනල් හිමිපාණන් මෙහිදී පෙන්වාදුන්නේය.

නිළියගේ ඇමතුම්වලට හොරෙන් සවන් දුන් ව්‍යාපාරිකයා

ජනප්‍රිය රංගන ශිල්පිණී මේනකා මධුවන්තිගේ ජංගම දුරකථනය වෙත ලැබෙන ඇමතුම් හා කෙටි පණිවුඩවලට (එස්‌. එම්. එස්‌.) හොරෙන් සවන් දුන් බව කියන ව්‍යාපාරිකයකු පොලිසියට කැඳවා තරයේ අවවාද කර මුදාහැරි බව කොහුවල පොලිසිය පවසයි. මීට මාස තුනකට උඩදී රංගන ශිල්පිණී මේනකා මධුවන්ති ඇසුරු කළ 26 හැවිරිදි ව්‍යාපාරික තරුණයකුට ඇගේ ජංගම දුරකථනය ලබාදී අන්තර්ජාල ලිපිනයක්‌ සාදා දෙන ලෙස පවසා තිබේ.
ඒ අනුව එය සාදා දී ඇති තරුණයා ඇයට ලැබෙන දුරකථන ඇමතුම් මෙන්ම කෙටි පණිවුඩ (එස්‌. එම්. එස්‌.) ඔහුගේ ජංගම දුරකථනයට ද ලැබෙන ආකාරයට සකස්‌ කරගෙන ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබේ. තවද එම තරුණයා ඇගේ අන්තර්ජාල ගිණුමට ද හොර රහසේ ඇතුළු වී එහි තිබූ ඡායාරූප වෙනත් පුද්ගලයන් වෙත යවා ඇතැයි ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට මුහුණපා ඇති බවත්, සමාජයට මුහුණ දීමට නොහැකිව සිටින බවත්, එනිසා මෙම පුද්ගලයාව ගෙන්වා නැවත මෙවැනි දේවල් නොකරන ලෙසට අවවාද කරන ලෙසත් දන්වා ඇය පොලිසියට පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ කොහුවල පොලිසියේ නිලධාරීහු කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ පදිංචි ව්‍යාපාරික තරුණයාව පොලිසියට ගෙන්වා තරයේ අවවාද කර මුදාහැරි බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

සාමාන්‍ය පෙළ ලියන්න සිටි සිසුවිය අවසන් තීන්දුව ගනී

සිය පියා ළමා අපයෝජන චෝදනාවකට අධිකරණය මඟින් නියම කරන ලද සිරදඬුවම් ලබමින් පල්ලෙකැලේ සිර ගෙදර සිටින විට එම සිද්ධිය පදනම් කර ගෙන ඇගේ පාසල් මිතුරු මිතුරියන් නිතර ඇයට විහිළු කිරීම නිසා ඇතිවූ සිත් වේදනාවෙන් සිය මවටද ඒ බව කියා පාසල් ටයි පටියෙන් ගෙල වැලලාගෙන අසාධ්‍ය තත්ත්වයෙන් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට අතුළත් කළ 16 වියැති දැරියක් දින දහයකට පසු ඊයේ දින (25දා) උදෑසන මිය ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි ශිෂ්‍යාවකි. ඇය ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි අතර මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමටද නියමිතව සිට ඇත. පාසලේ ශිෂ්‍ය නායිකාවක ද වූ ඇය ඉගෙනුමට දක්ෂ සිසුවියකී.
ඉකුත් 15 වැනි දින දහවල් පාසල නිම වී ගෙදර ආ ඇය සිය මව වැලඳගෙන "අම්මේ මට නම් ආයේ ඉස්කෝලේ යන්න බෑ. යාළුවො විහිළු කරනවා" යැයි හඬමින් පවසා සිටි බවත් ඊට ටික වේලාවකට පසු දැරිය සිය පාසල් ටයි පටියෙන් ගෙල වැලලාගෙන නිවෙස තුළ එල්ලී සිටියදී සොයා ගෙන රෝහල් ගත කර ඇති බවද පොලිසිය කියයි. මෙම මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (25දා) දහවල් සිදු කිරීමට නියමිතව තිබිණි. හලාවත පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

මේක සිංහල බෞද්ද රටක්.. පාලකයන්ට ඔ්නෑ විදිහට නටන්න දෙන්නේ නෑ.. – අස්ගිරි මහ නාහිමියෝ සිහ තේජසින් දැහැන් බිඳිති..

ජාතිය ආගම වෙනුවෙන් අද රටේ ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබෙන බව අස්ගිරි මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පවසති.

මේ ගැන පාලකයන්ගෙන් විමසූ විට එවන් ප‍්‍රශ්ණයක් නැති බවත් ඒව බොරු ප‍්‍රචාර බවත් කියන්නේ යයි කී මහ නාහිමියෝ ගේ ඇතුලේ වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එලියේ බවත් මෙරට භික්‍ෂුන් වහන්සේලා කිසිකලෙක පසුබාන්නේ නැති බවද කියා සිටියහ.

කොළඹ සම්බෝධි විහාරයේ පැවති උත්සවයක් අමතමින් මහ නාහිමියෝ මේ බව කියා සිටියහ.

මේ රට බෞද්ද රටක් බවත් සිංහල ජාතිය ජීවත් වන රට බවද සිහිපත් කල එහිමියෝ පාලකයන්ට අත්තනෝමති ලෙස කටයුතු කරන්නට කිසිලෙසකින්වත් ඉඩ නොදන බවද අවධාරණය කලහ.

ආබාධිත සෙබළුන් කොටුවේ විරෝධතා.. කෘතිම කකුල් ගලවා පාරට දමති..

තම විශ‍්‍රම වැටුම අහිමි කිරීම, රණවිරු සුභසාධන කප්පාදුව ඇතුළු කාරණා කිහිපයකට විරෝධය පාමින් පූර්ණ ආබාධිත හමුදා සාමාජිකයන් පිරිසක් විසින් ආරම්භ කරන පද විරෝධතා ව්‍යාපාරය මේ වන විටත් පිටකොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වෙයි.

මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද ඇතිව තිබේ.
මෙම විරෝධතාවය ආරම්භ කරන ලද්දේ ඊයේ දිනයේය.
ආබාධිත සෙබලූන් තම කෘතිම පාද ගලවා මහ පාර මැද දමා තිබේ.
මේ අතර ආරක්‍ෂක අමාත්‍යංශය පවසන්නේ ආබාධිත රණවිරුවන්ට විශ‍්‍රාම වැටුප් ගෙවීම සඳහා වැඩපිලිවෙලක් ඉදිරි සතිය ඇතුලත සකස් කරන බවයි.

මොරගහහකන්ද මහින්දගේ යෝද වැඩක්.. මෛත‍්‍රි එදා කිවුව කතාව මෙන්න.. [Video]

ඊයේ දින නිදන් වස්තු තැන්පත් කරන ලද මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය ගැන දැනට වසර කිහිපයකට පෙර එවකට ඇමති වත්මන් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදහස් පල කලේ මෙසේය.
මෙම වීඩියෝව ෆේස්බුක් ජාලයේ හුවමාරු වෙමින් තිබේ.

Sunday 24 July 2016

උතුරු සරසවියට පිට සිසුන් සහ පිට සංස්කෘතීන් එපා..

වැඩි වශයෙන් පිට පළාත්වල සිසුන් උතුරැ පළාත තුල පිහිටි විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම විශාල ගැටළුවක් යයි උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් සහ විපක්‍ෂ නායක වී. තවරාසා ඒකාබද්ද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පිට පළාත්වල සංස්කෘතීන් උතුරේ භුමිය තුල තහවුරු කරන්නට උත්සාහ දැරීම අනුමත නොකරන බවද පවසන මහ ඇමතිවරයා කළ නොහැකි බවට පවසන එම නිවේදනය උතුර හා නැගෙනහිර පළාත්හි හමුදාව රදවා තිබීම පසුගියද සිදුවූ සරසවි ගැටුමට හේතු වූයේ දැයි වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු යයිද කියා සිටී.
එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ සරසවි සිසුන් තම ඉල්ලීම් වෙනුවෙන් පසුගිය කාලයේම අරගල කලද ඊට බලධාරීන් ප්‍රතිචාර නොදැක්වූ බවයි. දෙමළ ජනතා ඉල්ලීම් රජය නොතැකීම නිසා ආයුධ සන්නද්ධ අරගලයක් තෙක් දිග්ගැස්සුණු බවද නිවේදනයෙන් සිහිපත් කරයි.

මහින්දගේ පා ගමන තහනම් කිරීමට පිරිසක් උත්සහයක

ආණ්‌ඩුවට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව නැවැත්වීමට ආණ්‌ඩුව, පොලිසිය හෝ සිවිල් පුද්ගලයකු මගින් අධිකරණයෙන් වාරණ නියෝගයක්‌ ලබාගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පවසයි මේ නිසා ඊට මුහුණදීමට විපක්‍ෂයට හිතවත් නීතිඥ කණ්‌ඩායමක්‌ 25 දින උදැසන 9.00 සිට අධිකරණ කටයුතු අවසන් වනතෙක්‌ දිනපතා අලුත්කඩේ උසාවියේ සූදානම් කර තැබීමට තීරණය කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
පාද යාත්‍රාව අති සාර්ථක ලෙස සංවිධානය වන බවට ආණ්‌ඩුවට තොරතුරු ලැබී ඇති නිසා එය වැළැක්‌වීමට විවිධ කුමන්ත්‍රණවල නිරතව සිටින බව ද රඹුක්‌වැල්ල මහතා කීය.
ආණ්‌ඩුව පාද යාත්‍රාවේ ගමන් මාර්ගය වැළැක්‌වීමට කිසියම් ලෙසකින් වාරණ නියෝගයක්‌ ලබාගතහොත් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක්‌ කෙරෙහි ඒකාබද්ධ විපක්‍ෂයේ අවධානය යොමුකර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

අගමැතිගේ පාර්ලිමේන්තු හැසිරීම මන්ත‍්‍රී විදුර රඟපා පෙන්වයි.. ජනතාව කුල්මත් වෙති.. [Video]

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හැසිරෙන ආකාරය පාර්ලිමේන්තු මන්ත‍්‍රි විදුර වික‍්‍රමනායක මහතා රඟපා පෙන්වීය.

‘ජන සටන’ පාද යාත‍්‍රාව වෙනුවෙන් පැවති ජන හමුවකදි ඔහු මෙසේ රංගනයේ යෙදුනේය.

කරන්න බෑමයි කියා ජනපති මෛත‍්‍රී කියන දේ කරන විදිහ ස්කෝලේ කොල්ලෙක් ජනපතිගේ මූණටම කියා දෙයි.. [Video]

‘අරක්කු සිගරට් නැති කිරීම සඳහා ඔය තරම් දඟලන්නේ කුමකටදැයි’ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගෙන් ඇසූ පාසැල් සිසුවෙක් අරක්කු සිගරට් නැති කිරීමට කල යුතු දේද සිසුවාට තේරෙන ආකාරයෙන් පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා තමනට මුහුණ දෙන්නට වූ මේ සිදුවීම ගැන අදහස් පල කලේ කොලඹදී පැවති ජාතික අමද්‍යප මහ සභාව අමතමිනි.

ලසන්ත, එක්නැලිගොඩ ඝාතකයින් ගැන නොවරදින ඔත්තුවක් මෙන්න..

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග හා ප‍්‍රදීප් එක්නැලිගොඩ ඝාතයක් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වුවක් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා විසින් කඩුවෙල නවගමුවේදී පැවති ජනහමුවකදී සිදු කලේය.

නලයක් පුපුරයි.. බොරතෙල් ගොඩබෑම නවතී.. ඉන්ධන හිඟයක් එයි…

නෞකා මගින් ආනයනය කරන ලද කොලඹ වරායේදී බොරතෙල් ගොඩබාන බෝයාවේ ඇති නලය පිපිරී යාම නිසා ඊයේ රාත‍්‍රියේ සිට තෙල් ගොඩබෑම නතර වී තිබේ.

බාල නලයකින් තෙල් ගොඩ බෑ නිසා එය පුපරා ගොස් ඇතැයි තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පවසයි.

ඉදිරියේදී තෙල් හිඟයක් ඇති වීමට මේ නිසා බොහෝ ඉඩ ඇතැයිද ඔහු කියා සිටී.

සාහසිකයෙකු 9 දෙනෙක් එලොව යැවූ හැටි කැමරාවේ සටහන් වූ අයුරු (වීඩියෝ)

ජර්මනියේ මියුනිච් නගරයේ සාප්පු සංකීර්ණයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙයින් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 9ක්. විදෙස් වාර්තා සඳහන් කළේ ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
ජර්මන් ආරක්ෂක අංශ සැක කරන්නේ මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි. වෙඩි තැබූ පුද්ගලයා ද ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
මේ වන විට නගරය පුරා දැඩි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.


ආණ්ඩුව හදන්නේ සුළු පක්‍ෂ නැති කරන්නයි.. අලුත් ඡන්ද ක‍්‍රමය නිසා ජවිපෙ රත්වෙයි..

ආණ්ඩුව සූදානම් වන්නේ රට තුළ ද්වි පක්ෂ ක‍්‍රමයක් ඇති කිරීමට බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසයි.

ශ‍්‍රීලනිප අභ්‍යන්තරයේ අතිව තිබෙන අර්බුදය හේතුවෙන් දිනෙන් දින පළාත් පාලන මැතිවරණය කල් දමන බවත් එජාප ශ‍්‍රීලනිප හැර අනෙකුත් දේශපාලන පක්ෂ ‘ඩෝසර්’ කිරීමට ආණ්ඩුව සැරසෙන බවත් මන්ත‍්‍රිවරයා කියයි.

යෝජිත නව මැතිවරණ ක‍්‍රමයද සකසන්නේ පක්ෂ දෙකකට පමණක් බලයේ සිටීමට නම් අනාගත පරපුර ඊට එරෙහිව නැගී සිටිනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

අද රටේ පාලකයන් අපි කියන දේවත් අහන්නේ නෑ.. – මල්වතු මහ නාහිමි [Video]

අද මෙරට පාලකයන් තමන් වහන්සේලා කියන දේවත් අහන තත්වයක නැති බව මල්වතු පාර්ශවයේ මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ‘එට්කා’ ගිවිසුම සම්බන්ධයෙන් මහ නායක හිමිවරුන්ට කරුණු දැකුවීමට දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකම ලකුණක් යටතේ එකම ලයිස්තුවකින් තරඟ වැදීමට මූලික සාකච්චා ඇරඹී ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙහදී වඩාත් ගැලපෙල ලකුණ ලෙස සදුසුස යයි යෝජනා කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනු ‘හංසයා’ ලකුණයි.
පුංචි මැතිවණයෙන් ජයගෙන ආණ්ඩුවේ ස්ථාවරභාවය පෙන්වීම සඳහා කටයුතු කල යුතු යයි ආණ්ඩුවේ උපදේශකයින්ගේ උපදෙස් මත මෙම සාකච්චා ඇරමී තිබේ.
ජාතික ආණ්ඩුව වසර පහක් දක්වා කාලය දීර්ඝ කරන බව පෙරේදා දිනයේ ශ‍්‍රිලනිප-එජාප මහ ලේකම්වරුන් දෙදෙනා විසින් එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කරනු ලැබුවේ එහි සංඥාවක් ලෙස යයිද පැවසෙයි.
කෙසේ වෙතත් ඉදිරි මැතිවණයේදී එජාප-ශ‍්‍රීලනිප එක්ව තරඟ වදින බවත් මේ දක්වා ශ‍්‍රිලනිප ඉදිරි පෙලට නිල වශයෙන් දන්වා නැති වුවද එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මේ වන විටත් එම පක්‍ෂ හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් කැඳවා මේ බව යම් මට්ටමකින් දන්වා ඇත.
කිසියම් මැතිවරණ ආසනයකට පළාත් පාලන ආයතන දෙකක් ඇත්තේ නම් කුමන ආයතනයේ සභාපතීත්වය උවමනාදැයි දැන්ම තීරණය කර ලෙස අගමැතිවරයා විසින් දන්වා ඇත්තේ අනෙක් ආයතනයේ සභාපති ධුරය ශ‍්‍රිලනිපයට ලබා දීමට සිදුවන බව පවසමිනි.
මේ අතර ඒකාබද්ද විපක්‍ෂය විසින් නව පෙරමුණක් යටතේ එම මැතිවණය තරඟ වැදීම ස්ථිර බව ටම් වන විටත් ප‍්‍රකාහයට පත් කර තිබේ.
එන නොවැම්බර් මාසයේදී පළාත් පාලන මැතිවණය ප‍්‍රකාශයට පත් කර 2017 වසරේ ජනවාරි 12 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.

පැනමා පති‍්‍රකා බොරු.. විද්‍යා අමරපාල සුද්දවන්තයෙක්.. ඇමති චම්පික ලඟ යලි රාජකාරියේ..

ලොව පුරා මහාර පරිමාන කලූ සල්ලි උපයන්නන් විසින් කල ආයෝජන සම්බන්දයෙන් පසුගියදා හෙළිදරවු වූ පැනමා පත්‍රිකාවන්හි නම සඳහාන් වූ මෙගා පොලිස්‌ අමාත්‍යාංශයේ උපදේශක විද්‍යා අමරපාල මහතා එන සඳුදා සිට නැවත සේවයට වාර්තා කිරීමට නියමිතය.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කරනලද පරීක්‍ෂණවලදී අමරපාල මහතා කිසිදු මූල්‍ය වංචාවකට සම්බන්ධ නැතැයි හෙලි කරගෙන ඇති නාසා නැවත ඔහු රාජකාරියට කැඳවා ඇතැයි වාර්තා වෙයි.

පැනමා පත‍්‍ර සම්බන්ධ චෝදනා එල්ල වු විට පරීක්‍ෂණ නිමවන තෙක්‌ අමරපාල මහතා අමාත්‍යාංශ උපදේශක තනතුරින් ඉල්ලා අස්‌විය.

වසර පහක ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රිලනිපය ගිනියම්.. ජන්ද දිනලා හමාරයි.. මධ්‍යම කාරක සභා අනුමැතියත් නෑ..

එජාපය හා ශ‍්‍රීලනිපය එක්පව පිහිටුවා ඇති ජාතික ආණ්ඩුව ඉදිරි වසර පහක කාලය තුල ඊළඟ මැතිවරණය තෙක් පැවැත්වෙන බව ශ‍්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායක විසින් එජාප මහ ලේකම් කබීර් හෂීම් සමඟ පැවැති ඒකාබද්ද මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රි කණ්ඩායම පවා දැනුවත් නොකර බව වාර්තා වෙයි.
මෙම ප‍්‍රකාශයට දැනටමත් ශ‍්‍රීලනිප ඉදිරිපෙල බොහෝ පිරිසක් විරෝධය පල කර ඇත.

වසර පහක් හවුල් ආණ්ඩුවේ සිටියහොත් ඉන් පසුව එන මහ මැතිවරණයට ඡන්දය ඉල්ලා ගන්න වෙන්නේද එජාපයෙන් බවත් මේ ගමන අවසන් වන්නේ එජාපය බලවත් වී ශ‍්‍රිලනිපය සුළු පක්‍ෂයක් ගානට වැටීමෙන් බවත් මෙම පිරිසේ අදහසයි.

මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව කිසිවෙකුට මෙවන් ප‍්‍රකාශ කල නොහැකි බවත් මෙවන් බරපතල ප‍්‍රකාශ පුද්ගලිකව සිතා කල හැකි නම් මධ්‍යම කාරක සභාවකින් පලක් නැති බවත් ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෙක් සති අග ජාතික පුවත්පතකට පවසා තිබේ.

මෛත‍්‍රී ජනාධිපති කලේ බලය බෙදන්නයි..- අගමැති

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කර ගනු ලැබුවේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම, බලය බෙදා හැරීම, විධායකය යන කරුණු සඳහා බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.
ඒ සඳහා මේ වන විටත් කටයුතු සිදුවෙමින් ඇතැයිද අගමැතිවරයා එහිදී පැවසීය.

යහපාලනය යනු මස්සිනා සොයාගෙන ගොස් ඇමතිකමක් දීමයි..

යහපාලනය යනු හතර දෙනෙක් පසු කරගෙන ගොස් මනාප ලයිස්තුවේ පස් වැනියටෙ ඇමති ධුරයක් දීම බව දකුණු පලාත් ධීවර හා පශු සම්පත් ඇමති ලෙස කටයුතු කරනු ලැබූ ඞී.වී. උපුල් මහතා පවසයි.

ඇමති ධුරය ඉවත් කිරීමෙන් පසු පැවති තංගල්ල ප‍්‍රදේහයේ පැවති ජනහමුවකදී ඒ මහතා මෙසේ කියා සිටියේය.

ඞී.වී. උපුල් මහතා ඇමති ධුරයෙන් ඉවත් කර එම ධුරයට පත් කර ඇති එච්.ඩබ්. ගුණසේන මහතාට ධීවර ඇමති මහින්ද අමරවීර මහතා ඥාතිකමට වන්නේ මස්සිනාය.

මේ පාලනය ගේන්න ජවිපෙ උපරිම වෙහෙසුනා.. ආණ්ඩුව විවේචනය කරන්න ඔවුන්ට බෑ..

රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කර වත්මන් පාලනය බලයට පත් කරන්නට ජනතා විමුක්ති පෙරමුණ ඉහල දායකත්වයක් සැපයූ බව ඇමති දයා ගමගේ පවසයි.

එනිසා ජවිපෙ විසින් ආණ්ඩුවට එල්ල කරන විවේචනයන් ඒ ආකාරයෙන්ම ඔවුනටද අදාල වන බව ඇමතිවරය සඳහන් කරයි.

එදා පැවති දුෂිත රාජපක්‍ෂ පාලනය එලවා දැමීම සඳහා එජාපය හා ජවිපෙ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමේ ප‍්‍රතිපලයක් ලෙස ජනාතිපතිවරයා ලෙස මෛත‍්‍රිපාල සිරිසේන මහතා පත් වූ බව කී ඔහු තමන් ජනාධිපති වූ වහාම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති කරන බවට එවකට පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල අයුරු ජවිපෙට අමතක නැතිව ඇතැයි සිතන බවද සඳහන් කලේය.

ආණ්ඩුව විවේචනය කිරීමට ජවිපෙට හැකියාව ඇත්තේ මිතුරෙකු ආණ්ඩුවට වැරදි පෙන්වා දෙන අරමුණින් යයිද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Tuesday 19 July 2016

සිරස සුපර් ස්ටාර් කිරුළ දිනූ ප‍්‍රකට වේදිකා නළුවාගේ පුතා පියත්

සිරස සුපර් ස්ටාර් කිරුළ දිනූ 
ප‍්‍රකට වේදිකා නළුවාගේ පුතා පියත්

මෙවර සිරස සුපර් ස්ටාර් කිරුළ දිනාගන්නට සමත්වූයේ පියත් ඉසුරු රාජපක්ෂ නමැති 21 හැවිරිදි තරුණයෙකුටය. ඔහු ප‍්‍රවීණ වේදිකා නළු ලලිත් රාජපක්ෂගේ පුත‍්‍රයාය.
විදුර පුද්ගලික පාසලේ අධ්‍යාපනය හදාරා දැනට ඒට්කන් ස්පෙන්ස් සමාගමේ 
සේවය කරන පියත්ට වැඩිමහල් සොයුරියන් දෙදෙනෙකුද සිටී.පවුලේ කලා අභාසයෙන් ගීත ගායනයට පුරුදුවූ පියත්ට සිය ආයතනය සංවිධානය කළ ටැලන්ට් වැඩසටහනකදී ගායන හැකියාවන් නිසා ප‍්‍රථම තැන ලැබී තිබී ඇති අතර සිරස සුපර් ස්ටාර් සඳහා අයදුම් කරන්නට සිත් පහළවී ඇත්තේ ඉන් පසුවයි.

එහිදී අවසාන තරගය දක්වා පැමිණ ජයග‍්‍රහණයක් අත්කරගැනීමට ඔහුට හැකිවීම සිහිනයක් පල දැරීමක් සේ ඔහු සලකයි.
සිරස කිරුළ දිනාගත් පසුව ඔහුට මෝටර් රථයක්ද හිමි විය.
පියත් අවසන් තරගයේදී ගායනා කළ “මිතිවා“ හින්දි ගීය බොහෝ අයගේ කතාබහටද ලක්වූ එකකි. එහි වීඩියෝව පහතින්


අලුත් පක්‍ෂයක් රට ඉල්ලනවා.. ඒක වෙලාවට හැදෙනවා.. – නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිගම

නව පක්‍ෂයක උවමනාව දැන් රටේ ඇති බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

එනිසා යුගයේ උවමනාව මත නව පක්‍ෂයක් ආරම්භ වනු ඇති බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

ගෝටා අත්අඩංගුවට ගන්න සූදානම්.. එජාප වෙබ් අඩවි හරියටම හරියන අනාවැකි කියයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ආණ්ඩුවට හිතවාදී වෙබ් අඩවි හා සමාජ ජාල ගිණුම් වාර්තා කරයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ රාජපක්ෂ පදනමේ කටයුතු සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කලේ යයි චෝදනා මත බවද එම මාධ්‍ය වාර්තා කරන්නේ රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටමිනි.

මින් පෙරද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට පෙර මේ ආකාරයේ වාර්තා පල විය.

මේ අතර පොලිස්පති පූජිත ජයසුන්දරද දින දෙක තුනකට කලින් කියා සිටියේ කිසිදිනෙක නොසිතු පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවයි.

කතානායක කරු සිංගප්පූරු රෝහලට යන්න නැග්ග එමිරේට්ස් ප්ලේන් එකෙන් බස්සවලා

හෘද රෝග තත්ත්වයක් සඳහා වැඩිදුර ප‍්‍රතිකාර ලබාගැනීමට කරු ජයසූරිය මහතා ඉකුත් අඟහරුවාදා එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයකින් සිංගප්පූරුව බලා යාමට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. පසුව කරු ජයසූරිය මහතා එමිරේට්ස් සමාගමට අයත් යානයක කලින් වෙන්කරවා ගත් පළමුවෙනි පන්තියේ අසුනක අසුන්ගෙන සිටියදී අදාළ යානයේ කාර්යමණ්ඩලයේ නිලධාරීන් පැමිණ ඒ මහතාගේ වෛද්‍ය අවසර පත‍්‍රය ඉල්ලා තිබෙනවා.
එහෙත් එවැනි අවසර පත‍්‍රයක් අවශ්‍ය බව එමිරේට්ස් සමාගම මීට පෙර දැනුම් දීමක් සිදුකර තිබී නැහැ. කරු ජයසූරිය මහතා අදාළ ගුවන් ගමන සඳහා ප‍්‍රවේශ පත‍්‍රය වෙන්කරවා ගැනීමේදී රෝද පුටුවක අවශ්‍යතාව ද දැනුම් දී තිබෙනවා. එමෙන්ම හදිසි තත්ත්වයකදී භාවිතය සඳහා ඔක්සිජන් වායුව ද අවශ්‍ය බව කරු ජයසූරිය මහතා අදාළ සමාගමට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් වෛද්‍ය අවසර පත‍්‍රයක් නොමැතිව කරු ජයසූරිය මහතාට සිංගප්පූරුව බලා යාමට අවසර ලබාදීමට එමිරේට්ස් සමාගම එකඟ වී නැහැ. ඒ අනුව කරු ජයසූරිය මහතා එම ගුවන් යානයෙන් ඉවත් වී තවත් පැය 12 කින් පසු සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එමිරේට්ස් සමාගමේ ප‍්‍රධාන කාර්යාලය මගින් සිදුකළ විමර්ශනයේ වාර්තාව අද (18) දිනයේදී ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ඒ අනුව ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව එමිරේට්ස් සමාගමේ කොළඹ කාර්යාලයීය ප‍්‍රධානී චන්දන ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා

FCIDට අධිකරණය නීතිය කියා දෙයි.. ඉන්ටපෝල් වරෙන්තු ඉල්ලීම කුණු කූඩෙට..

පසුගිය රජය සමයේ රුසියාවේ ශ‍්‍රි ලංකා තානාපතිව සිටි උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට ඉන්ටපෝල් වරෙන්තුවක් නිකුත් කරන ලෙස පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීය.

ගිය රජය කාලයේ සිදු වූ මිග් යානා ගණුදෙනුව සම්බන්දයෙන් විරතුංග මහතා සැකකරුවෙක් ලෙස හඳුනාගෙන නැති නිසා එසේ වරෙන්තු නිකුත් කල නොහැකි බව මහේස්ත‍්‍රාන් ලංකා ජයරත්න මහත්මිය කියා සිටියාය.

මේ වන විට ඔහු සිටින විදෙස් ලිපිනයක් වෙත සිතාසි යවන්නැයිද අධිකරණය විසින් FCIDයට උපදෙස් දෙනු ලැබීය.

යහපාලන ඇමති හෝටලයක් මිලදී ගනී.. තවත් එකක් හදන්න පටන් ගනී..

හම්බන්තොට දිස්ත්‍රික්කය නියොජනය කරන ඇමතිවරයෙක් මැතකදි වෙරලාසන්න ඉදිකර ඇති හොටල් ඉවත් කිරිම සිදු කිරිමේදි එම හොටල් හිමිකරුවන් තවත් ඇමතිවරයෙකු හමු වි එය වලක්වා ගැනිමට කටයුතු කරන බව මාධ්‍යට පැවසූහ.

කෙසේවෙතත් මෙ වන අදාල ඇමතිවරයා විට රන්න කහදමොදර ප්‍රෙද්ශයේ වෙරලාසන්න පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් මිලදි ගෙන ඇති අතර නව හෝටල් සංකීර්ණයක් ඉදිකිරිමටද යයි.
කමල් ජයසිරි-රැකව