Pages

anan manan

Pages

Thursday 14 April 2016

රටේ අලුගුත්තේරුවන්ගේ තරම හෙලිවන ගිනස් වාර්තා තැබූ කුපාඩි කමක්..!

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.14, ප.ව‍‍.8.30) අලුත් අවුරුද්ද දිනයේ පුණ්‍ය කාලයේදී තම විහාරස්ථාන භූමියේ පවතින නිධන් හෑරූ විහාරාමාධිපති සිවුරුකරුවෙක් සහ එම විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් වරයා ඇතුළු තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ගිනස් වාර්තා තබන කුපාඩි ක්‍රියාව සිදුකර ඇත්තේ හබරණ පලුගස්වැව වෙහෙරගල විහාරස්ථානයේ විහාරාමාධිපති සිවුරුකරුවා සහ එහි දායක සභාවේ ලේකම් ය. මෙකී විහාරාමාධිපති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය වරයෙක් වීම ද ලංකාවේ තත්ත්වය කියා පාන්නකි.

වෙහෙරගල විහාරස්ථානයට අයත් පුරාණ ගල් පර්වතයක් කඩා නිධන් සොයද්දී ගම් වාසීන් පැමිණ සැකකරුවන් අල්ලා පොලිසියට බාර දී තිබේ. 
නිධන් හෑරීමට මාලාබේ ප්‍රදේශයේ සිට ප්‍රාඩෝ රථයකින් පැමිණි පිරිසක් ද අල්ලා ගෙන ඇත. ඔවුන් අතර මාලාබේ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුද සිටී.
දේශීයත්වය ගැන බෙරිහන් දෙන දේශීය වෙදුන්ද, සරසවි කතිකාචාර්ය වරුන්ද, පන්සල් දායක සභාවේ ඉහලම නිලය දරන්නන්ද, විහාරාමාධිපතිවරුන්ද, ධනවතුන්ද එකතු වී ‘පුණ්‍ය කාලයේදී‘ රටක පුරාණ නිධන් හාරන්නේ නම් එවන් රටක් බේරා ගැනීමට හැකිදැයි ගැටලුවකි. ලංකාව විනාශ කරන්නේ විදේශිකයන් පැමිණ නොවේ. ලංකාවේම සිටින අලුගුතේරුවන් විසින්ම ය.

No comments:

Post a Comment