Pages

anan manan

Pages

Wednesday 17 February 2016

මහින්ද රාජපක්‍ෂට කලවැද්දාය කියූ එස්‌. බී. උරුලෑවෙක්‌

කාන්තාවන්ගේ ඇඳුම් ගලෝලා රෙදි ගලවලා දාපු එස්‌. බී. ගැන අපි දන්නවා. මේ රටේ සමස්‌ත කාන්තා සංහතියම එය පිළිකුල් කරනවා. මහින්ද කියන නායකයට කලවැද්දා කියපු එස්‌. බී. උරුලෑවෙක්‌. අද මේ රටේ පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු

බොහෝ දෙනා 95% ක්‌ ම ඉන්නේ මහින්ද සමඟ. එදා කොච්චිකඩේ සම්මේලනයට ආපු පිරිස වගේ මහ පිරිසක්‌ රැස්‌කරලා පෙන්නන්න කියලා අපි එස්‌. බී. ට අභියෝග කරනවා යැයි මහර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සුසීමා චාන්දනී මහත්මිය පවසයි. ඇය එසේ කීවේ උඩුගම්පොල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (16) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිවරයාට එස්‌. බී. දිසානායක මහතා විසින් කලවැද්දා යෑයි කියමින් අපහාස කිරීම සහ පසුගියදා කොච්චිකඩේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව පැවති සමස්‌ත ලංකා පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සම්මේලනයට පළාත් නියෝජිතයන් පැමිණියේ 552 ක්‌ පමණක්‌ බව අසත්‍ය ප්‍රකාශ කිරීමට එරෙහිව ඒවා හෙළාදකිමින් ඊට පිළිතුරු දීම සඳහා ගම්පහ දිස්‌ත්‍රික්‌ පළාත් පාලන නියෝජිතයන් ඒකරාශීව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ රංජිත් ගුණවර්ධන හිටපු ගම්පහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා
කොච්චිකඩේ සමුළුවට නියෝජිතයෝ 1400 කට වැඩි ප්‍රමාණයක්‌ ආවා. 552 යි මන්ත්‍රීවරු හිටියේ කියල කියන්නේ කොහොමද. එස්‌. බී. ගෙ නියෝජිතයො 52 ක්‌ එතැනට එවල කවුද ඉන්නේ මොකද වෙන්නේ කියලා බලන්න. එතැන පළාත් මන්ත්‍රීවරුන්ගේ හැඳුනුම්පත් බලලා ඇතුළු කරගත්තේ. පාරේ තියෙන වාහන ගණන් කරල ද කොහෙද 552 යි කියන්නේ. ඒ සමුළුවට වාහන 552 ක්‌ ඇවිල්ල තිබුණා වෙන්න පුළුවන්. පළාත් මන්ත්‍රීවරු සේරම හිටියා. අපි අභියෝග කරනවා එස්‌. බී. කියන උරුලෑවාට පුළුවන්නම් පළාත් පාලන සංසදය පිහිටුවලා ඔයාලගෙ කණ්‌ඩායම රැස්‌කරල පෙන්නන්න කියලා. පළාත් පාලන නියෝජිතයන් සේරම වගේ ඉන්නේ මහින්ද රාජපක්‍ෂ සමගය කියන එක එස්‌. බී. මතක තියාගන්න ඕනේ" යෑයි ද හිටපු සභාපතිවරයා කීවේය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා - මහින්ද රාජපක්‍ෂ මහතාට කලවැද්දා කියල කියපු එක ගැන මේ මුළු රටමත් අපි මන්ත්‍රීවරු හැමෝමත් තරයේම හෙළා දකිනවා. පක්‍ෂ මහලේකම් දුමින්ද දිසානායක කියල තියෙනවා මහින්දට සහාය දෙන අයගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරනවා කියල. ඒ අයට එරෙහිව විනය පරීක්‍ෂණ කරනවාලු. පක්‍ෂයට මේ විනාශය කළේ කවුද කියල ඊට ඉස්‌සෙල්ලා හොයලා බලන්න. පක්‍ෂය කඩාගෙන මුලින්ම ගියේ කවුද? මෛත්‍රිපාලට එරෙහි විනය පරීක්‍ෂණ කරලා එතැනින් විනය පරීක්‍ෂණ පටන් ගන්න කියලා අපි කියනවා. අපි මහින්ද රාජපක්‍ෂ නායකත්වයට පත් කරන සටන අතහරින්නේ නෑ.

No comments:

Post a Comment