Pages

anan manan

Pages

Wednesday 29 June 2016

මහින්දගෙන් ආණ්ඩු විරෝධී පුළුල් ජාතික ව්‍යාපාරයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු විරෝධී පුළුල් ජාතික ව්‍යාපාරයක් ඇති කිරීමට ඊයේ (27) රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. එම ව්‍යාපාරය යටතේ ලබන අගෝස්තු මාසයේදී මහනුවර සිට කොළඹට විරෝධතා පා ගමනක් පැවැත්වීමටද ඊයේ රැස්වූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ උදෑසන මෙම හමුව පැවැත්විණි.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ උදෑසන මෙම හමුව පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එක්ව ඇත.
ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම් සම්බන්ධව ඇතිවු තත්ත්වයන්ද ඊයේ දිනයේදී සමථයකට පත් කර ගැනීමට හැකි වූ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් කළ විමසීමේදී පැවැසීය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් ඔස්සේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු සංවිධාන කටයුතු මෙහෙයවීමට තීරණය වූ බව හෙතම සඳහන් කළේය.
මෙයට අමතරව ආණ්ඩුවට එරෙහිව දිස්ත්‍රික් මට්ටමෙන් සෑම මාසයකදීම විශාල විරෝධතාවක් පැවැත්වීමටත් ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. මෙම විරෝධතා ව්‍යාපාර මාලාවේ පළමුවැන්න ලබන මාසයේදී කළුතර දී පැවැත්වීමට නියමිතව ඇත.

මරණීය තර්ජන එදා වගේමයි- හමුදා ආරක්‍ෂාව තවත් ඕන

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ එල්ල වූ මරණීය තර්ජන අදටත් විවිධාකාරයෙන් සිය ජීවිතයට බලපා ඇති නිසා තමාට ලබා දී ඇති යුද හමුදා ආරක්‍ෂාව ඉවත් නොකරන ලෙසට තමා ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (27) කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී පැවැසීය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යම් මෙහෙවරක්‌ කළ තමාගේ ආරක්‍ෂාවට යොදවා සිටින හමුදා ආරක්‍ෂාව ඉවත් කර පොලිසිය යොදවන බවට ලද තොරතුරු අනුව තමා එම ඉල්ලීම කළ බවද එහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවැසූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ වනතෙක්‌ම තමාට හමුදා ආරක්‍ෂාව ලබාදී ඇතැයිද එහිදී සිහිපත් කළේය.
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයකු ලෙසින් කටයුතු කිරීමට නිසි ආරාධනාවක්‌ ලැබී තිබේ දැයි එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා 'නැහැ තවම නෑ. ඒක කවුරුහරි කරපු ප්‍රකාශයක්‌ විතරයි. මම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මිසක්‌ දේශපාලනඥයකු නොවේ' යෑයි ද පැවැසීය.
2016-06-28

එංගලන්ත අවුලෙන් රුපියල තවත් මස්තබාල්දු වෙයි..

යුරෝපා සංගමයෙන් බි‍්‍රතාන්‍ය ඉවත් වීමත් සමඟ ශ‍්‍රී ලංකා රුපියයල තව දුරටත් බාල්දු වීමේ අවදානමක් මතුව ඇති බව මුල්‍ය විශ්ලේෂකයෝ කියති.
ඔවුන් පෙන්වා දෙන්නේ ගෝලීය ආර්ථිකයේ පසුබෑම නිසා මෙම බාල්දු වීම තවත් වර්ධනය වෙනු ඇති බවකි.

මේ හේතුව නිසා ආයෝජකයින් වැඩි වැඩියෙන් ඩොලර් රැස් කිරීමට පෙළඹී ඇති බැවින් මෙරට ආර්ථිකයට අයහපත් ලෙස බලපානු ඇතැයිද මුල්‍ය විශ්ලේෂකයින් වැඩිදුරටත් පෙන්වා දෙති.

සුසිල් ලෙඩ වී රෝහල්ගත කරයි.. මනුස්සකම පුරවාගෙන මහින්ද බලන්න යයි.. මුණුපුරා උකුලට පැන සෙල්ෆි ගනී..

ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා රෝගාතුර වීම හේතුවෙන් මේ දිනවල නැවතී සිටින්නේ කොළඹ නවලෝක රෝහලේය.

ඒ මහතාගේ සුවදුක් බැලීම සඳහා යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අමතක නොකලේය.

පේම්ජයන්ත් මහතාගේ මුණුපුරාද හිටපු ජනාධිපතිවරයාගේ තුරුලට පැන සේලෆියක් ගන්නට අමතක නොකලේය.

Sunday 26 June 2016

බස් රථය හදිසියේ ගිනි අරගෙන තිස් දෙනෙකු අළු වෙයි

මධ්‍යම චීනයේ හුනෑන් ප්‍රාන්තයේ බස් රථයක ඇති වූ ගින්නකින් එහි ගමන් ගත් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මහාමාර්ගයේ බාධකයක ගැටී අනතුරට ලක්වූ බස් රථය ගිනිගෙන ඇති අතර ඒ වනවිට එහි මගීන් 56 දෙනෙකු ගමන් කළ බව සදහන්. තුවාල ලැබූ 21 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර අනතුරෙන් රියදුරුද දිවිගලවාගෙන ඇත. ඔහු ප්‍රශ්ණ කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙහි ගමන් ගත් මගීන් සියළු දෙනා සංචාරකයන් වන අතර බස් රථය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
2016-06-26

Tuesday 14 June 2016

ජපානයේදී මහින්ද මහ ඉහලින් පිලිගනිති.. යන යන තැන ජනයා පිරෙති..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ දිනවල යෙදී සිටින ජපාන සංචාරයේදී ඉහල පිලිගැනීමක් ලබා දෙමින් තිබේ.

ඔහු සහභාගී වන ජනහමු සඳහා ජපානයේ වෙසෙන ශ‍්‍රී ලංකිකයන් ඉමහත් උදෙයා්ගයෙන් යුතුව සහභාගී වෙමින් සිටිති.

ශ‍්‍රීලනිප ඇමතිලාගේ රෙදි දෙවරක් හැලේ.. අර්ජුන් මහේන්ද‍්‍රන් යලිත් මහ බැංකු අධිපති පුටුවට..

මේ මස 30 වන දින සිට ධුර කාලය අවසන් වන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ස්ථිර වශයෙන්ම තව දුරටත් එම ධුරයේ කටයුතු කරන බව සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි පුද්ගලයෙකු ලෙස තීරණය කර ඇති බවයි.
මේ අතර ශ‍්‍රිලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුම ප‍්‍රසිද්ධියේ කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා ඉවත් කල යුතු බවත් ඒ සඳහා ඉඩ ලබා ගැනීමට මුදල් ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගයට විරුද්දව ඡන්දය දුන් බවයි.
මහ බැංකු අධිපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරනු ලැබුවේ ඇමති මහින්ද අමරවීර ඇතුළු ශ‍්‍රිලනිප ඇමති පිරිසක් විසිනි.

රනිල් අගමැතිතුමාගෙ නම කැත වෙයි කියල මට බයයි.. – ජනපති

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පිරිසිදු නමට කැලලක් වේදැයි තමනට බියක් දැනෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ආණ්ඩුවේ පිරිස හා පවැති සාකච්චාවකදීය.
එම හමුවේදී ශ්‍රී.ල.නි.ප. මැති ඇමැතිවරුන් විසින් ජනාධිපතිවරයා දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් නොගත හොත් ඉදිරි දේශපාලනයේදී ශ්‍රීලනිපයට බරපතළ ගැටලූවලට මුහුණු දීමට සිදුවනු ඇති බවය.
‘මම වුණත් හිතන්නෙ මෙකෙන් අගමැතිතුමාගෙ නමට කැළලක් ඇති වෙයි කියලයි. මටත් මේ ගැන ගැටලූ කිහිපයක් තියෙනවා. මං ළගදීම මේ ගැන මහ බැංකු අධිපති ගෙන්නල සාකච්ඡුා කරනවා. ඔහුට තේරුම් කරලා දෙනවා අගමැතිතුමාගෙ නම කැත කරන්න එපා කියලා’ යයිද ජනාධිපතිවරයා සදහන් කර ඇත.